“දේවයන් වහන්ස, එනපොට හරි නෑ. සිංහල දීපයේ සිට ආ සාරස කියන
විල්ලිහිණි රජු දැන් දඹදිව ම යටත් කරගෙනයි ඉන්නේ!”
එම කතාව ඇසූ චිත්‍රවර්ණ රජු ගැහෙන්නට විය. අහසත් මහ පොළවත්
අතර අතරමං වූ ඔහු වෙව්ලමින් මෙසේ ඇසුවේය:
“මො...මො..නව මොනව? මොකක් ද ඔය කියන්නේ?
“අමුතු දෙයක් නො වෙයි දේවයන් වහන්ස! සිංහල දීපයේ සිට පැමිණි සාරස
විල්ලිහිණි රජු මුළු දඹදිව ම යටත් කරගෙන!”
ගිරවාගේ පයිණ්ඩය අසා සිටි ගිජුලිහිණියා තමන්ට ම මෙසේ කියා
ගත්තේය:
සිංහල දීපයෙන් ආ විල්ලිහිණි රජතුමනි, ඔබ කළ දේ ඉතා හොඳයි. සර්වඥ
ඇමතිතුමනි ඔහොම යං ඔහොම යං කළ වැඩේ නම් පංකාදු පහයි!
කෝපයට පත් චිත්‍රවර්ණ රජු මෙසේ කීවේය:
පළමුවෙන් ම කළ යුත්තේ ගිජුලිහිණි ඇමති කියන සාම උදාව! යනවා ගිහින් හිරණ්‍යගර්භ
සහමුලින් ම අතු ගා දමව්!
ඔහුගේ නියෝගය ඇසූ දූරදර්ශී ඇමති සිනා සෙමින් මෙසේ කියා සිටියේ නීති
පොතෙන් උධෘතයක් ගෙන හැර පාමිනි:
සරත් ඍතුවේ නගින වැහි කළුවකින් මේඝ ගර්ජනා නො විය යුත්තක්. අනේ ඒ වගේ
උත්තමයන් කිසිමදාක අනුන්ගේ හොඳක් හෝ නරකක් ප්‍රසිද්ධියේ කීමේ සිරිතක් නැහැ.
ඊටම ගැළපෙන තවත් කීමක් තියෙනවා මෙන්න මෙහෙම:
රජකු කෙදිනකවත් එකවර සතුරු සේනාංක රාශියක් සමග යුද්ධ කළ යුතු නැහැ.
එසේ වුණොත් අනිවාර්යයෙන් ම ලැබෙන්නේ පරාජයයි. සර්පයාට උග්‍ර විෂ ඇති දළ තියෙනවා.
නමුත් පනුවන් රාශියකට පුළුවන් සර්පයා කා දමන්න.
දේවයන් වහන්ස! හිරණ්‍යගර්භ රජු සමග සමගි සන්ධානයකට නො යා, මෙතැනින්
එහාට ගමනක් යා හැකි ද? හරි ගියා ම කියමුකෝ. අප වෙනත් සටනකට මුහුණ දෙමින් සිටිය දී හිරණ්‍යගර්භ
රජතුමා, කල් යල් බලා අපට පහර දුන්නොත් සටන් දෙකකට ම මැදි වෙන්න නේද සිදුවන්නේ?
එවන් තත්ත්වයක් ඇති වෙන්නට හැකි හේතු නීති විශ්ලේෂණවල දක්වා තිබෙන්නේ මෙන්න
මෙහෙමයි:
යමෙක් සිදු වුණේත් –සිදු වෙන්නේ කුමක්දැයි කියා විචාරශීලීව සොයා නො
බලා කෝපයෙන් පීඩිතව යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළොත් අන්න ඒ මෝඩයාට සිදුවෙන්නේ
මුගටියකු නිසා බමුණෙකුට සිදුවූ දේ ම යි.
“මොකක් ද ඔය කියන්නට හදන්න අටංපහුර? කීවා නම් බලන්ඩ තවත් මගේ ඇඟේ ලේ රත් නො කර!” යි රජු නියෝග කළා. දූරදර්ශී ඇමති එම කථාව මෙසේ කියන්නට පටන් ගත්තා: