රෑ වැටුණු වළේ දවල් වැටීම.
ඈත එපිට කාලයක උදේනි නගරයේ හිටියා බ්‍රාහ්මණයෙක් ඔහුගේ නම මාධව.
මේ බමුණා හින්දු චාරිත්‍ර විධි ගැන දන්නා විශේෂඥයෙකි. අහළ පහළ පමණක් නො වෙයි,
රජුගේ පවා පුණ්‍ය කටයුත්තක් තිබුණොත් ඒක අහ පිරිමහන්නේ මේ මාධව තමා. මාධවට
අඹුවක් හිටියා රුවැත්තියක්. කාලයාගේ ඇවෑමෙන් ඇය ප්‍රසූත කළා දරුවකු – ළමයා පිරිමි.
ළදරු වියේ සිටි දරුවා හොඳින් රැකබලා ගන්නා ලෙස මඟින් මඟට කියමින් මාධව
ගොයියාගේ සක්කරවට්ටම ගියා නාන්නට. මළවුන් වෙනුවෙන් දෙන ශ්‍රාද්ධ දක්ෂිණ දානය
දෙන්නට එන ලෙස මාධවට නියෝගයක් ලැබුණා රටේ රජුගෙන්. මාධව දුප්පතෙකි. තමන්
වහා ම නො ගියොත් වෙනකෙකු එය ඩැහැ ගන්නවා සිකුරුයි කියා ඔහු සිතන්නට පටන් ගත්තා
තර්ක ශාස්ත්‍රයට එබී බලමින්.
අනුන්ගෙන් ගත යුතු දේ වහා ම ගත යුතුයි. අනුන්ට දෙන දේත් දෙන්නේ කල්
නො ඉක්මවා. තමන්ගේ හෝ අනුන්ගේ අවශ්‍යතාවයන් වහාම ඉටු නො කළොත් අන්තර් කාලය ලැබිය
යුතු රස විනාශ කර දමයි.
මං රජ ගෙදරට යා යුතු ම යි. වළාමේ මං ගියොත් මේ පැංච මොකා ද බලා
ගන්නේ? අර විසුරුමාන්නිත් ගියා නො වැ පොඟවන්ට. මොක ද දැන් කරන්නේ? කාරියක් නෑ –
කාලයක් තිස්සේ කෑම බීමෙන් අඩුවක් නො කර දරුවෙකු වගේ හදාගත් මේ මුගටියා දරුවා
බලාගන්නට යොදවා, මං යනවා දානය පිළිගන්නට රජමැදුරට. එසේ සිතා ගත් මාධව කොලු පැංචා
මුගටියට බාර දී ගෙයින් පිට වුණා.