“මේ–මේ, වෙලාවේ හැටියට ඔය වාද විවාදවලින් පලක් නෑ. හොඳයි කියා හිතෙන
දෙයක් කළාට මගෙන් විරුද්ධත්වයක් නැහැ.” යි රජු කීවේය.
එසේ රජ සමඟ කරන ලද මන්ත්‍රණයෙන් අනතුරුව මහාමාත්‍යවර ගිජුලිහිණියා
“සාමය උදාකිරීමේ දී දෙපැත්තට ම අවාසියක් නො වන පරිද්දෙන් කළයුතුයැ” යි කියා,
බලකොටුව තුළට ගියේය. චිත්‍රවර්ණ රජ මැදුරෙහි මෙවන් සාකච්ඡා පැවැත්වේද්දී හිරණ්‍යගර්භ
රජතුමාගේ ඔත්තුකාර කොකා අවුත් මෙසේ කීවේය:
“දේවයන් වහන්ස! සමගි සන්ධානයක් ගැන කතා කරන්නට මහාමාත්‍ය ගිජුලිහිණි
තුමා අප සොයා එනවා.”
“ඔව්, සමගිය සඳහා පූර්ව කෘත්‍යයන් ඉටු කරන්නට කවුරුන් හෝ මෙහි ආ යුතු
ම යි තමා.” රාජ හංසයා කීය.
රජුගේ එම කීමට සර්වඥ මන්ත්‍රීතුමා සිනාසෙමින් මෙසේ කීවේය:
“එහෙමයි දේවයන් වහන්ස, එම ප්‍රවෘත්තිය සැක කළ යුතු දෙයක් නො වෙයි. මං
මෙසේ කියන්නේ දූරදර්ශී ඇමතිතුමා උසස් අදහස් ඇත්තෙක්. එහෙම නැත්තං ඒක
අනුවණයන්ගේ ක්‍රියාවක්. කවරදාකවත් සතුරා කෙරෙහි සැකය ම ඇති කරගෙන සිටීම නො කළ යුතු
දෙයක්. ඒ කියන්නේ පරිබාහිර ලෙස සැකයක් මෝදුවීම ස්වභාවයක්. එසේ කියන්නේ මෙන්න මේ
නිසා:
විලක කුමුදු දඬු සොයා යන මෝඩ හංසයන්, රාත්‍රියෙහි විලේ තරු පිළිබිඹු
දැක ඒ කුමුදු දඬු යයි සිතා ඒවා කඩා ගන්නට ගන්නේ බලවත් වෑයමක්. දිවාකාලයේ ඔවුන්
කුමුදු දඬු සොයා නො යන්නේ රෑ වැටුණු වළේ දවල් මොකට ද වැටෙන්නේ යන අදහසින්.
අන්න ඒ වගේ කපටියන් නිසා රැවටුණු ජනයා ඇත්තක් වුව ද එය බොරුවක් ලෙස සලකන්නේ රැවටීම
මෙනෙහි වීමෙන්.
මේ ගැන තව දුරටත් මෙසේ ද කිය හැකියි:
දුර්ජනයන් නිසා අසීරුතාවයට පත් සිත් ඇත්තන්ට යහපත් අය පෙනෙන්නේ ද
වැරදි ආකාරයටය. එය හරියට උණු කිරිබත් තලියට අත දැමීමෙන් දැවුණු ළමයා දීකිරි තලියට
ද පිඹ කන්නාක් මෙනි.
දේවයන්වහන්ස! සමගි සාමග්‍රිය පිණිස පෙරමුණ ගන්නා ගරු ඇමතිතුමා
සාදරයෙන් පිළිගන්න සුදුසු පසුබිමක් සකසා තැබීම සුදුසුයි. එතුමාට පරිත්‍යාග කරන්නට
මැණිකක් වැනි දෙයක් අවශ්‍යයි.”
එසේ කළ යුතු පූර්ව කෘත්‍යයන් නිමාවෙන් අනතුරුව, ගරු ගිජුලිහිණි ඇමතිතුමා සක්වා ලිහිණියා විසින් පිළිගෙන බලකොටුව දොරෙන් කැඳවාගෙන අවුත්, රාජ දර්ශනයට ඉදිරිපත් කරනු ලැබිණි. රජු ම එම ගරු ඇමතිතුමා සුදුසු අසුනක වාඩි කරවීය.