උපදේශයන්
ගෙන් කන් හා සිත් පුරවාලූ නඩේ ගරු රෝහණ මහතා පිට වී ගියා. මේ වෙලාවේ කට
පුරා බුලත් විටක් සැපීමේ දොළදුක උත්සන්නව නැග ආවා. ටික දිනකට සෑහෙන සේ ගමන් මල්ලට
දමා කියාගත් උපබෝග පරිබෝග වස්තූන් එකින් එක එළියට ගත්තා .
පළමුව
නූස් නො මිටි පැතිලි කොට්ටය ළඟට වැලි පුරවන ලද අයිස්ක්‍රීම් කෝප්පය පෝරෝණය හා
දෙකන් වැසෙන සේ සැකසුන තොප්පිය එළියට පැමිනුණි. ගමන් මල්ලෙන් එළියට ආවේ කිලෝවක්
පමණ බරැති තවත් මල්ලකි. එයින් බුලත් කොටන
පිත්තල වංගෙඩිය, ගිරය, බුලත්, පුවක්, හුණු, දුංකොළ,
එළියට අවුත් පෙළට සිට ගනු ලැබිණි.
මනාව
පැසුණ පුවක් ගෙඩියක් ගිරයේ හිත් පිත් නැති ක්‍රියාවන්ගෙන් මනා ලෙස ඔපමට්ටන් විය.
ඉන් අනතුරුව ලියැවුණ පුවක් තීරු හුනු තැවරූ දුංකොල මුසු වූ බුලත් කොළයෙහි එතිණි.
සාර සුභාවට වංගෙඩිය තුළට වැදුණ අඩු වැඩිය දුම්රියේ රිද්මයට තැළිණි. රත් පැහැ
ගැන්වුන විටෙන් අඩක් මුව තුළට වැටීමෙන් සිරුරට ලැබුන ජීව බලය කියා නිම කරන්නට වචන
නැත.
දුම්රිය
මැදිරියේ සිටින්නන්ගේ සාර ස්වභාවය දැක ගන්නට ලැබුණේ පදම් වූ විටෙන් ලත් ප්‍රාණ
වායුවේ පිහිටෙනි. මා ඉදිරිපස අසුනේ රෝහණ කී විදුහල්පති තිර සාරව හිද සිටී.
ඔහු පෑවේ ලෙන්ගතු සිනාවකි. “මූ නම් මේ අර අදින්නේ මගේ
බුලත් හපයට කෙළින්න ම තමා” යන හැගුමක් සිත තුළ භ්‍රමණය
වෙයි. එහෙත් එය අමතක කොට ළෙන්ගතු ලෙස මෙසේ
ඇසුවා.
“ආයුබෝවන් ඔබ තුමා කොයි පළාතෙද?”
“මං නුවර, නම විපුලසේන”
“ඇත්තද මාත් අලුත්ගම පැත්තෙ ඉස්කෝලෙක වැඩ කරල තියෙනව”
“කරුණාකරලා නම කීවා නම්!”
“මං ධර්මසේන”
“හරි හරි මට මතකයි, මට මතකයි ඔබ තුමා නිතරම
පත්තර වලට ලියනවා නේද?”
“ඔව් මං ලිවුවා”
“මං ගැනත් ලියල තියෙනවා ... ... ...”
“ඒ මොකක් ගැනද?”
“එයා අද මැඩම් - හිටියේ මගෙ මේසෙ යට”
“ඒක මට දූසමානේ ලැබුණ ආරංචියක්”
“ඇත්තට මොකද උණේ?”