206. ග්‍රේඩ් වන් ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ආසන්න මැදිරියේ සිටි මගීන්ට විවිධ උපදෙස් දුන් නඩේ ගුරු රෝහණ අප මැදිරියට ද පැමිණෙයි. මා ආසන්නයේ හුන් වැදගත් පෙනුමක් ඇත්තෙකු රෝහණට ප්‍රශ්නයක් යොමු කරයි.

මිස්ටර් රෝහණ 6.23 ට කෝච්චිය ගමන් අරඹනවා කීවට 6.35 ටත් තවම එතැනමනේ. ලංකාවේ අය ද මෙහෙත් පාලනය කරන්නේ?”

විදුහල්පති තුමා දැන් කෝච්චිය කිලෝ මීටර් 25 ක් ගිහිල්ලා

මොනවා!

ඒ දෙබසින් අපි වසා ඇති ජනෙල් තුළින් පිටත බැලීමු. දෑසට පෙනෙන විදුලිය එළි ඇසුරු සැණෙන් අප පිට මං කරණු දුටිමු. පුදුමයකි ලංකාවේ දුම්රිය මෙන් බරකරත්තයක් සේ දෙපසට පැද්දීමක් නැත. බොකු බඩවැල් එළියට පනින ගැස්සීමක් නැත. ඩක-ඩං හඬක් නැත. ඇඳුම් මාරු කර ගැනීමෙහි නිරත වූ කාන්තාවෝ කිසිදු හැල හැප්පිල්ලකින් තොරව ආ ගිය කතා කියමින් සිය කාර්යෙහි නිරත වෙති.

නඩේ ගුරු රෝහණ සිය කට හඬ අවදි කළේය. සියල්ලෝ ම තුෂ්ණීම්භූත වූහ.

ඊයේ රාත්‍රියේ හෝටලයේ රැස්වීමේදී නො කියූ දේ දැන් කියනවා. මේ ඉන්දීය දුම්රිය සේවය සේවාවන් ඉතා විශිෂ්ටයි. සෑම දෙයක්ම කෙරෙන්නේ නියමිත වෙලාවට. ආහාර පාන සැපයෙන්නෙත් දුම්රියෙන්. අද රෑ- හෙට දවල් - හෙට රෑ ගත කරන්නේ දුම්රියේ. බරණැසින් බසින්නේ අනිද්දා උදේ 7.35 ට. දීර්ඝ ගමනක් - වෙහෙස කරයි. තමන් ඉදගෙන සිටින්නේ එක ඇඳක.  හේත්තු වී ඇත්තේ තවත් ඇඳක. ගමන් මළු තියෙන්නේත් ඇඳක. බය වෙන්න කාරණයක් නෑ. උඩ ඇඳකට නඟින්නට අපහසු අයට අංක ගැන නොසිතා පහල ඇදක් දෙන්න. ඒක පිං ක්‍රියාවක්.

ඊළඟ වැදගත්ම දේ තමයි මොනම හේතුවක් නිසාවත් දුම්රියෙන් බසින්නට එපා. බැස්සොත් බැස්සා ම තමයි. ඊළඟ දුම්රිය නැවතුම තියන්නේ හැතැප්ම සීයකට පමණ එපිටින්; සුළු අසනීපයක් වුණත් මට කියන්ට ඕනෑ. අවශ්‍ය සියළුම බෙහෙත් තියෙනවා වෛද්‍යවරියක් සමග උපස්ථායිකාවක් ඉන්නවා.

දුම්රියට ආහාර පළතුරු අරන් ඒවි වෙළදාමේ. ගන්ටත් එපා. කන්ටත් එපා. වමනය - බඩයාම - කැස්ස ඇති වෙනවා. ඒවට බෙහෙත් අපි ළඟ නෑ. ඒ විතරක් නොවෙයි දුම්රිය ජනෙල් අයිනේ කිසිම බඩු මුට්ටුවක් තියා ගන්ට එපා. ඒවා අතුරු දහන් වෙන්ට පුළුවනි. බෝතල් වතුර පමණක්ම බීමට ගන්න. මගේ සහායට තවත් හය දෙනෙක් ඉන්නවා. එම අය අවශ්‍ය ඕනෑම උපකාරයක් කරාවි. වටිනා කියන ආභරණ ඇත්නම් ඒවා හොඳින් ආරක්ෂා කර ගන්න. සමහර විට මාද හොරෙකු වෙන්න පුළුවන්. ගම් ගෙවල් වලින් පමණක් නොවෙයි උපන් රටෙන් ද වෙන් වී දවස් 23 ක් පමණ ඡීවත් වෙන්නේ ඉන්දියාවේ. ඒ නිසා අප සියළු දෙනාම එකම සහෝදරයන් ලෙස දූ දරුවන් ලෙස කටයුතු කිරීම සැමගේම යුතුකමක්.”




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll