208. Grade One ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


අනේ සහෝදරයා ඒක පස්සෙ කියන්නම්.අපට තියනවානේ සති තුනක්ම;  මගෙ රාජකාරී කාලය තුළ සිදු වූ හැම එකක්ම කියන්න නම්, දැන් ඉතින් උන්නත් දාහයි මළත් දාහයි. පුළුවන්නම් කොටස් වශයෙන් පත්තරේට ලියුවත් කමක් නෑ. නැත්නම් ප්‍රින්සිපල් ග්‍රේඩ් වන් කියල හරි ග්‍රේඩ් වන් ප්‍රින්සිපල්  කියල හරි පොතක් ලීවත් කමක් නෑ. කාවේරි කුමරිය රිද්මයකට අනුව ඇදී යනු දැනෙයි. දුම්රිය සේවකයන් වහාම අසුරන ලද ආහාර පැකට් බෙදති. ගමනේ සංවිධායකයෙක් සියල්ලන්ටම ආහාර ලැබෙන්නේ දැයි නිරීක්ෂණයක යෙදෙයි.

ගමන් මල්ල කරේ එල්ලා ගත් විදුහල්පති තුමා කාටවත් නො දැනෙන්නට මං ගැන විමසීමකින් ඉන්ඩ කියමින් දුම්රිය මැදිරියේ ටොයිලටය දෙසට ගියේය. මොහොතකින් තමන් වෙත එන ලෙස ඔහු සන් කළේය. සියල්ලෝම ආහාර අනුභවයෙහි යෙදී සිටිති. සංවිධාකයන් පෙනෙන්නට නැත. මම ද ටොයිලටය දෙසට දෙපා මාරු කෙළෙමි. මා ඔහු වෙත ළං වත්ම මල්ලෙන් එළියට ගත් බාගයක මූඩිය හැර ඉඳා මචං ගහපංයැයි කීය.

කොහොම ද ඕක බොන්නෙ වීදුරුවක් නැතුව?”

ඇයි සැණ්ඩියට - බයිට් එකට - ඉඳගන්ට පුටු එපාද? මනුස්සයෝ තැනේ හැටියට ඇනේ ගහපංඑසේ කියමින් ම ඔහු බෝතලය මැදින් මහපට ඇගිල්ල තබා උඩ බලා ‘ගුඩුස් ගුඩුස්’ ශබ්ද පිට කළේ පහකි.

බෝතලය පහත හෙළා ඔහුගේ මැනුම් පරීක්ෂණය කළේය. දේව කරුණාවෙන් නිය පොත්තටම මැනුම සීමා වී තිබිණි. ඔහු බෝතලය මා අතට දී මෙසේ ද කීය.

පට් පට් ගාල ගහපං මචංකුණු කතත් තිරිත්තුවට කන්ට එපායැ. සෙල්ලමක් ද අපි ඉතිං ගුරුවරුනේ.

විදුහල්පති තුමාට තරම් හසළ දක්ෂතාවක් නැතත් ගුරු ගෞරවය ආරක්ෂා කර ගැනීමේ පරම අභිලාශයෙන් උගුරු හතරකින් වැඩේ නිමා විය.

මනාව සැකසුන බතක් රාත්‍රි ආරයට දී තිබිණි.  තෙල් - මිරිස් - ලුණු - ඇඹුල් වැනි දෙයට හුරු වී තිබුණ දිව -  රසදිව ඇතුළු ඉන්ද්‍රියයන්, පාර්සල් කොට ලැබුණ බතට නො හුරු විය.

අමු මිරිස් කරල් දෙක තුනකුයි ළූණු ගෙඩියකුයි පුච්චා ගත් කරවල කෑල්ලකුයි මේකලා දුන්නා නම් මීට වැඩිය හොඳා.” ඒ විදුහල්පතිගේ ගෝරනාඩුවයි. සෙස්සනට වගේ වගක් නැත. ඈලාත් ඔවුහුත් දවස් ගණනක් බඩසයින් සිටියවුන් සේ බත් පෙට්ටි හිස් කරති.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll