වන්දනා
කරුවෝ තමන්ට අයත් ආසනවල නිදති. ඔවුන්ගේ සරතැස නිවන්නට වේගයෙන් භ්‍රමණය වන විදුලිය
පංකා තුනකි. දුම්රිය මැදිරි එකිනෙකට යා කළ හිඩැසින් ඕසෙට ගලා එන දූවිල්ලෙන්
විදුලිය පහන්හි ආලෝකය ද තුනී කරයි. තම
නිවසේ කාමරයක නිදාගත්තේ යැයි සිතු ලෙස වැතිරී සිටි නාඹර විය පසු කරන්නට ආසන්න
ගැහැණියකගේ හාව භාව ලීලා සම්පන්න ස්වරූපය එදා සිද්ධාර්ථයන් දුටුවේ නම් අභිනිෂ්ක්‍රමණය
කරන්නේ බුද්ධත්වයෙන් අනතුරුවය. අපේ විදුහල්පති තුමා ද එම දර්ශනය නරඹමින් අනිත්‍ය
ප්‍රතිසංයුක්ත භාවනාවක නියැලී සිටින අයුරු පෙනෙයි. දුම්රිය නවතා ඇති මුත් වෙන් කළ මැදිරි
බැවින් දුම්රියට නගින්නන් හෝ බසින්නන් නැත. සේවක පිරිසක්, දුම්රිය මැදිරි පවිත්‍ර කිරීමෙහි ද අනෙකෙක් වැසිකිළි පිරිසිදු කිරීමෙහි
යෙදෙති. මිදි, දොඩම්,
ඇපල්, වැනි පළතරු ද වඩේ, රටකඡු, කඩල, වැනි දෑද
දෑතින් ගත් වෙළෙන්දෝ තම ජාවාරමෙහි යෙදෙති. මෙරට සේ එරට දුම්රිය පොලෙහි සිඟමනෙහි
යෙදෙනන්ගේ කංකරච්චලයක් නැති වීම විශේෂයකි.
නඩේ
ගුරු රෝහණ හා සහායකයෙක් නවතා ඇති දුම්රිය මැදිරි දෙස විමසුමෙන් බලා සිටිති.
විනාඩි 15 කින් කාවේරි ලලන උකුළු මුකුළු පාමින් තම ගමන ඇරඹුවා ය. බුලත් විටක්
සකසමින් සිටි මාවෙත රෝහණ ආයේය. මම ඔහුගෙන් මෙසේ ඇසීමි.
“කමුද බුලත් විටක් සර්?”
“අනේ මට ‘සර්’ කියන්න එපා - තමුන්නාන්සේලා විදුහල්පතිවරු”
“ගමේ දාන හයිරන් ගම් දොරකඩ එපා කියනවානේ.
අපි එහෙදි සර්ලා, මෙහෙදි “සර්” ඔබ
තුමා. මේ භාර ධූර ගමනේ නායකයා, පාලකයා, උපදේශකයා, ඔබ තුමානේ. අපේ ජීවිත රදා පවතින්නේ
අඹු දරුවන්ගේ සිත් නො කැළඹෙන්නේ නායකත්වයේ විධි විධානයන්ගෙන්. “සර්” යන වචනයෙන් මෙතැන අදහස් කෙරෙන්නේ නායකයා -
ප්‍රධානියා කියන එකයි. ඔබ තුමාට නිල වශයෙන් අයිති ගරු වචනය “සර්” පාසැලේදී ගුරුවරුන් ළමයින් මට “සර්” කියන්නේ අර නායකත්වය නිසයි. දැන් මෙතැන
ඉන්න කවුරුවත් මට “සර්” කියනවද
නෑනෙ.”
“හරි හරි පිළිගත්ත - කමු බුලත් විටක්!”
මිත්‍ර
විදුහල්පති නිදි දෙවුදුව වැළදගෙන ඇත. මට නින්ද යන පාටක් නැත. එබැවින් රෝහණ
ගෙන් ගමනේ තොරතුරු විමසන්නට සිත්විය.
“කොහොමද මේ ගමන් සංවිධානය දුෂ්කර ද ?”