210. ග්‍රේඩ් වන් ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


මෙහෙමයි, සමහර චාරිකා අතිශයින්ම සුන්දරයි.  ඇතැම් ඒවා කටුකයි - අමිහිරියි.

හේතුව?

කාර්යය මණ්ඩලය හය වරක් මාරුවෙනවා. ඔය අතරෙ හදිසි පෙම් පලහිලවු, අඩ දබරත් ඇති වෙනවා.  ඒවා සියල්ලට ම මුහුණ දීගෙන තමයි මේක කරන්නෙ.  ඔහු එක දිගටම කියා ගෙන යයි.  යමුද අපි බපට් එක පැත්තේ තේ එකක් බොන්ට යි ඔහු මට යෝජනා කළේය.  නින්දට පෙර තේ බී පුරුදු මට එම යෝජනාව ඉබ්බා දියට දැමුවාක් වැනි විය.  මැදිරි 15 ක් පමණ පියමං කරමින් බපටයට ආ මුත් ලංකා දුම්රිය මැදිරිවල සේ පොලුවල එල්ලී සීට් බදාගෙන යාමට අවශ්‍යතාවයක් නොවීය.

තේ පානයෙන් අනතුරුව මැදිරියට පැන යහනේ ඇළවූවා මතකය.  නිදි දෙවුදුව  මා තරයේ  වැළදගෙන ඇත.  නිදා සිටි ඉරියවුවෙන් මා අවදි වූයේ එකකුගෙන් ඉලපතට වැදුණ පහරකිනි.

මොනවද හලෝ ඔය හැටි නිදන්නේ.  නිදා ගන්ටද මෙච්චර වියදම් කරලා ආවෙ?  ඔය ජනේලයෙන් එබිල බලනවකෝ අසිරිමත් වූ ඉන්දියාවේ ශ්‍රී විභූතිය

විදුහල්පතිගේ ගෝරනාඩුවෙන් දෑස් පිස දමමින් ජනේලයෙන් පිටත බැලීමි.

බාල-මහළු , තරුණ-තරුණි, ගැහැනු-පිරිමි භේදයකින් තොරව ඇදිවත් උත්සාගෙන මළ පහ කරණ පිරිසක් දුම්රිය මග අසලම දැක ගන්නට ලැබිණි. විලි ලැජ්ජාව ඇත්තේ කටේ හෝ නාසයේ යැයි කියන්නට මෙන් රෙදි පටකින් මුව වසාගත් නාඹර වියේ තරුණියෝ එම සත්කාර්යට දායක වී සිටියහ. දුම්රිය මැදිරිය තුළ සිටි අපේ කාන්තාවන්ද මේ අසිරිය නරඹන්නට පැමිණ ඉකේයියාකියමින් මුහුණ වසා ගෙන තම ආසනවල පට්ටල වූහ.

විදුහල්පති විපුලසේන මහතා මෙම සිද්ධිය ගැන විග්‍රහ කළේ මෙසේය.

ඔය ඇත්තො ඒ දැක්කෙ වනචාරීන් නො වෙයි. අපි වඳින්නට පුදන්නට යන බුදුන්ගේ වරිග පරම්පරානුයාත නෑදෑයෝ. අවුරුදු 45 ක් තිස්සේ තථාගතයන් වහන්සේ සූත්‍ර - විනය - අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයක් කියල දුන්නා. ඒ අතරට ගිහි විනයත් ප්‍රකාශ කළා. අපේ දරුවෝ නිඳිඇඳේ, ඇඳිවතේ, වඩාගෙන සිටින විට අපේම ඇඟේ, දන-බඩ ගාන කොට ගේ පුරා, වැටි-වැටී ඇවිදින කොට මිදුල පුරා මළ මුත්‍රා කරණවනේ. අපි ඒ දරුවන්ට අවුරුදු 4-5-6 වෙනකොට නැඹුරු කරණවා ක්‍රමයෙන් ඒවා කළ යුතු ක්‍රමය. නමුත් ඉන්දියානුවන්ට ඒ ආකල්ප සංකල්ප තවමත් කා වැදිල නෑ. ඉංග්‍රිසින්ගෙන් දේශය මුදවාගන්ට ගිය පෙරමුණේ රාළ මහත්මා ගාන්ධියි. සුද්දන් කියන්නේ කැත කුණු අප්‍රිය කරණ පිරිසකි. උන්ගේ ගමන් බිමන් නවතන්නට ගාන්ධි මහා මර්ග වල මළ පහ කරණ ලෙසට ජනතාවට උපදෙස් දුන්නේ ඒ නිසයි. ලංකාවෙ වගේම ඉන්දියාවෙ දුම්රිය ක්‍රමය ඇති කළේ සුදු උත්තමයෝ. උන්නාන්සේලාට පලිච්චි කරන්ට  කරපු ඒ කැත වැඩේ පරම්පරා ගණනක් ගිහිල්ලත් තවම නවතා ගන්නට බැරි වුණා. දකුණු ඉන්දියාවේ සිටින කප් ගැසූ රූමත් නාටිකාංගනාවන්ටත්, නිළියන්ටත් ඉඳහිට හෝ පාරක් අසළ ඇන බාගත්තෙ නැතිනම් මහ මොකද්ද වගෙයිලු.

විදුහල්පති වරයා උදෑසන පාසැලේ රුස්වීම කියා සිතා ගෙන එසේ කීවාදැයි මම නො දනිමි. නමුත් කාන්තාවෝ බඩවල් අල්ලා ගෙන සිනා සෙන්නට වූහ.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll