එකිනෙකාට
මුහුණ පාන්නට සිදුවී ඇති ප්‍රශ්න විවිධාකාරය. ඒවා එකට එකක් විෂමය. අපි එක එක්කෙනා
සමඟ සිනා සෙමු. එහෙත් ඒ සමඟම සිය දහස් වාරයක් හදවත හඬා වැළපෙයි. මෙය අපේ වරදද සමාජයේ
වරදදැයි විග්‍රහ කිරීමට අපොහොසත් වෙමු. වැල යන අතට මැස්ස ගසන්නේ නම් ප්‍රශ්න හා
බාධක වලින් තොරව තම දිවි පෙවත ගෙන යා හැකිය. එහෙත් මැස්සට වැල අඳින්නට ගියහොත්
සිදු වන්නේ නො සිතූ විරූ දේවලට මුහුණ පෑමය. විපුලසේන මහතා සමඟ කළ සාමීච්චි
වලින් ඔහුගේ සිතෙහි කැකෑරෙන අදහස් ඔහුටත් හොරා එළියට පනී. මේ හෙයින් උදේ තේ
පානයෙන් අනතුරුව පසුව කියන්නම් කියා ගිලගත් කතාව අසා ගෑනීමේ රිසියෙන් විපුලසේනයන්ගේ
සිත අතීතය කරා ගෙන යන්නට යත්න දැරීමි.
“විපුලසේන මහත්තයාගේ සේවා කාලය අවුරුදු
කීයද?”
“තිස් තුනකි”
“හරි ජොලියේ ඉන්ට ඇති ...”
“මේ මොනවා අහනවාද ජොලිපිට ජොලි”
“එහෙම වෙන්ට හේතුව?”
“හරියට රස්සාව නො කළ එක”
“ඒ කියන්නේ පඩි ගත්තා - නිකන් හිටියා”