“කොහොම ද මනුස්සයෝ වැඩ කරන්නේ. සේවා කාලය අවුරුදු 33 යි. ස්ථාන මාරුත් 33යි”
“සීවරන් දෙයියන්ව ඔප්පු වෙන්ට ඔය ඇත්ත ද කියන්නේ ?”
“මොකටද මන් බොරු කියන්නේ. සම්පූර්ණ ඇත්ත. මං බොරුවක් කියනවානම් මාව මාරු
කරන්ට මුල්වූ මැති ඇමතියන්ගෙත් නිළධාරීන්ගෙත් ගෑණුන්ට හෙන ගහයි.”
“අපි මේ දීර්ඝ චාරිකාවකනේ යෙදෙන්නේ.”
“රට
බකුස්සන් වගේ බලා ඉඳීමෙන් වත් නිකන් වල් පල් දෙඩවීමෙන් වත් පලක් නෑනෙ. කමක් නැතනං
කියන්ට - මං ලියන්නම් පොතක්.”
“ඒක හොඳයි, ඒ පොත බලලා එකෙකු හරි හැදෙනවා නම්
ඒක ලොකු දෙයක්. මං කියන්නම් හැබැයි පුතෝ අතිශයින් ම රහස්ස්‍යයි.”
දඹදිව
චාරිකාවේදී දකින්නට අසන්නට ලැබෙන විශේෂ දේවල් ලියා ගන්නට ගෙනා පොතත් පෑනත් මල්ලෙන්
එළියට ගතිමි. විපුලගේ කතාවේ අත්‍යවශ්‍ය තැන් ලකුණු කර ගැනීමත් දුරවබෝධ තැන්
පසුව විමසා දැන ගැනීමටත් කිසියම් සටහනක් තබා ගැනීම සුදුසු බව හැඟුණ බැවින් මෙසේ
සූදානම් වීමි. එය දෙස බලා සිටි විපුලෙ හීන් සිනහවක් නැගුවේය.
“ඔච්චරට ම මොකද ලෑස්ති වෙන්නේ.”
“වැදගත්
තැන් අමතකව ගියොත් කතාවට අසාධාරණයක් වෙනවා. ඒකයි හේතුව.”
“ඔන්න
එහෙනම් අහගන්නවා කතාව.”
“මාව සම්මුඛ පරීක්ෂණයකට කැදවලා තිබුණ 1967
මාර්තු 10 දා - කොළඹ අමාත්‍යංශයට උදේ 10 ට පෙනී සිටින ලෙස; ඒ සිංහල අවසාන ගුරු සහතික පත්‍ර ධරයන්ට පත්වීම් දීම
සම්බන්ධයෙන්. මැලේ වීදියේ අධ්‍යාපන අමාත්‍යංශය තිබුණෙ. අද වගේ සීතල කාමර වල කළ
යුත්ත නො කළ යුත්ත නොදත් හිස් පුද්ගලයන් එදා හිටියෙ නෑ. ගොඩනැගිලි පරණ වුවත් තේජස
ඉහළයි. දෙවන මහලේ 04 කාමරයේ තමයි සම්මුඛ පරීක්ෂණය පැවැත්
වුණේ.
නියමිත
වෙලාවට මා ඇතුළට කැඳෙව්වා. විනිශ්චය මණ්ඩළයේ තිදෙනෙකු සිටියා. ඇසු පිරූ තැන් ඇති
බව බුද්ධි ප්‍රභාවය එතුමන්ලාගේ මුහුණු වලින් බේරුණා. ඒ එක්කම තේජස් වී බවකුත්
දොරෙන් ඇතළු වී සියල්ලන්ට හිස නමා ආචාර කර ඉදිරියට ගියා. එතුමන්ලා දුන් නියෝගයකින්
පසුව ඉදිරියේ තිබුණ පුටුවේ ස්ථිර සාර ලෙස
වාඩි වුණා. මගේ සුදුසු කම් ඇතුළත් ලිපි ගොණුව දෑතින් පිළිගැන්වුවා.
ප්‍රධාන
විනිසුරු තුමා ලිපිගොනුවේ සහතික බලමින් යම් යම් දේ සටහන් කර ගන්නා ලෙස තවත් අයෙකුට
ඉඟියකින් පැවසුවා. ඊළඟට එළැබුණේ ප්‍රශ්න ඇසීමේ වාරය;”
“ඔය මහත්තයට ගුරු පත් වීමක් දුන්නොත් මොකක්ද කරන්ට බලාපොරොත්තු වෙන්නෙ?”