“මුහුදු ගිහින් මාළු මැරීමක් ගස් නැග පොල් කැඩීමවත් නොවෙයි. නියමිත
පාසලට ගොස් වැඩ භාර ගෙන ලැබෙන කාල සටහනට අනුව අධ්‍යාපන ක්‍රියාවලියෙහි යෙදෙනවා. ඊට
අමතරව විදුහල්පති වරයා කරණ යම් යම් යෝජනා සතුටු දායක ඒවා නම් එවාට උපරිම සහයෝගය
දෙනවා.”
“තමුන්ට සාමාන්‍ය පෙළ සහතිකය නෑනෙ”
“එහෙමයි සර්”
“ඉතින් කොහොමද ගරු පත්වීමක් කරන්නෙ?”
“රජයේ ගැසට් පත්‍රයේ තිබුණේ සාමාන්‍ය පෙළ සහතිකයට පත්වීම් දෙනවා කියල නො
වෙයි. එහි කොතැනකවත් ජේෂ්ඨ පාඨශාලා හෝ අ.පො.ස. (සා.පෙළ) ගැන වචනයක් වත් සඳහන් වෙලා
තිබුණෙ නෑ. තිබුණේ සිංහල අවසාන ගුරු සහතිකයට පත්වීම් දෙන බවයි.”
“සාමාන්‍ය පෙළ නැතිව කොහොමද ගුරු සහතිකය ගත්තෙ”
“ඒක කෙරුණෙත් මේ අමාත්‍යංශයෙන් ම ලබා දුන් ප්‍රතිපාදන යටතේ. ඒක අධ්‍යපන
අමාත්‍යංශයේත් විභාග දෙපාර්ථමේන්තුවේත් නියෝග වලට අනුකූලයි.”
විනිශ්චය
මණ්ඩලයේ තිදෙනා ඉංග්‍රිසියෙන් සාකච්ඡාවක යෙදුණා. මෙනවා කතා කලාද මන්දා. මං දන්න
ඉටිගෙඩියක් තියේයැ ඉංග්‍රිරිසි ගැන. මා දෙසට හැරුණ සභාපති විනිසුරු තුමා.
“පොඩ්ඩක් පැහැදිලි කරන්ට පුළුවන්ද සා. පෙළ නැතිව ගුරු සහතිකය ගත් හැටි?”
“පුළුවන් සර්, මං හොරකමක් වංචාවක් කරල නෑ.
ඒකාලෙ වෙන කොට මං ප්‍රාචීන මධ්‍යම විභාගය සමත්. පණ්ඩිතෝපාධිය ලැබිල නෑ. මධ්‍යම
විභාගය සමතුන් විශ්ව විද්‍යාල ප්‍රවේශයෙන් නිදහස් කළා. ඒ අනුව විශ්ව විද්‍යාලයේ
අන්තර් මධ්‍ය - ඒ කියන්නේ G.A.Q. විභාගයට
පෙනී සිටියා. එයිනුත් අති විශිෂ්ට ලෙස සමත් වුණා. ප්‍රාචීන හා G.A.Q. සුදුසුකම් මත
මං අනුමත පිරිවෙන් ගරුවරයෙකු වුණා.”
“හරි පැහැදිලියි - නිවැරදියි.”
“ඉතිං මහත්තයට දිගටම පිරිවෙන් වල උගන්වන්න පුවන්නේ?”
“මොකෝ බැරි - බැරි කමක් නෑ නියමිත වැටුපක් ලැබෙනවානම්”
“ඒ කියන්නේ පාසැල් ගුරු වෘත්තියට එන්නේ වැටුප් බලාගෙන?”
“තමුන්නාන්සේලා මේ පරීක්ෂණය කරන්නේ නියමිත වැටුපට අමතරව අන්තර් දීමනා
ලබා ගෙන නො වෙයිද?”
මගේ
ලිපි ගොනුව මා වෙත දිගු කළා. දෝතින් පිළිගත්තා. “බොහොම
ස්තුතියි!” කියා දොරෙන් එළියට ආවා.