214. Grade One ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


අපේක්ෂකයන් සඳහා පනවා තිබුණ අසුනක ඉදගත්තා. ‘ෂඃ තව ටිකක් කියන්ට බැරි වුණානේ’ යන දෝමනස්සයක් පහළ වුණා. අසළ සිටි එකියක ඇහුවා ‘ගොඩක් ප්‍රශ්න අහනවද’ කියල. ‘නෑ විශේෂ දෙයක් නෑ; පොතේ පතේ දැනුම තමයි අහන්නේ’ කියා මං ඇඟ බේරා ගත්තා.

ඇත්තටම ඔබ තුමාට S.S.C නැද්ද?”

නෑ - ලංකාවේ සාමාන්‍ය ගුරු වෘත්තියට පත් S.S.C නැති එකම ගුරුවරයා මං වෙන්ඩ ඇති. ඔය නැටුම් හස්ත කර්මාන්ත වගේ විෂයන්ට විශේෂ හේතුමත මං හිතනවා අධ්‍යාපන සුදුසුකම් වලට වඩා ප්‍රාගුණ්‍ය ක්ෂේත්‍රය දිහා බලනවා කියල.

අනිත් එක අපේ කාලයේ අධ්‍යාපන රටාව හැදිල තිබුණේ ගතානු ගතික ක්‍රමයට. සිංහල - පාලි - සංස්කෘතික තමයි භාෂා වශයෙන් ඉගැන්නුවේ. දෙමළ - ඉංග්‍රීසි අරහං. ඇයි අර 56 වුණා කියන විප්ලවය නිසා රට කොයි තරම් පිරිහුණා ද? ලංකාවේ සෑම දරුවෙකුට ම සිංහල - දෙමළ භාෂා දෙක අනිවාර්ය කරල ඉංග්‍රිසිය ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් නම් කළා නම් මේ රටේ ඇති වූ ප්‍රශ්න රාශියක් විසඳෙනවා.

ඉස්සර පිරිවෙන්වල දෙමළ භාෂාව ඉගැන්නුවා. ඔය පඩත්තර විප්ලවයෙන් පස්සෙ කාලසටහන් වලින් දෙමළය ඉවත් කළා. ඒකෙ විපාක අද අපි විදිනවා නේද? දැන්වත් මේ පාලකයන් කියන හැත්තට බැරිද දෙමළ අනිවාර්ය විෂයයක් විදියට පාසල් වල ක්‍රියාත්මක කරන්න. දේශපාලකයන්ට පාසල්වල ක්‍රියාත්මක කරන්න දේශපාලකයන්ට ඕනෑ හැමදාම රට තුළ භේද වපුරමින් ජාම් බේරා ගන්ට.

මුස්ලිම් ජාතිකයන් තමයි බුද්ධිමත් ම උදවිය. ඔවුන් කොහොම හරි ළමයින්ට සිංහල - දෙමළ - ඉංගීසි භාෂා තුන ම උගන්වනවා. අනාගතයේ ලංකාවේ පාලකයන් ආර්ථිකයේ බලවතුන් බවට පත් වෙන්නේ මුස්ලිම් අය. සිංහලයන් හා දෙමළුන් කියන අයට සිදු වෙනවා මුස්ලිමුන්ගේ අත වැසියන් බවට පත් වෙන්ට. මුන් දෙගොල්ල කුළල් කාගෙන ඉදීවි. එයට කොටසක් අත්පොළොසන් දේවි. ලිච්ඡවීන්ගේ රාජ්‍ය පාලනය ගැන අපේ අය උදම් අනනවා මිස ඒ අනුව කටයුතු කරන්නේ නෑ. නමුත් මුස්ලිම් අය නියත වශයෙන්ම අනුගමනය කරන්නේ ලිච්ජවී රාජ නීතිය.

මට සාධාරණ කේන්තියක් ආවේ පිරිවෙන් වල නූගන්වා, පාසල්වලට එන්නේ ඇයි කියන ප්‍රශ්නයට. අමාත්‍යංශයේ ඉන්න අය මේ අධ්‍යපන ආයතන දෙකේ වෙනසවත් නොදැනීම පුදුමයට කාරණයක්. ඇත්තම කියනවා නම් පාසැල්වලට වඩා පිරිවෙන් වල අධ්‍යාපනය ඉතා හොඳයි. හේතුව සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පන්තියක සිටීමත් ඒ ඒ විෂයන් ගැන හසළ දැනුමක් ඇති අය ගුරුවරුන් වීම.

පාසැල්වල එහෙම නෑ. එක පන්තියක් 40න් ඉහළ. ළමයින්ගේ දුර්වලතා දැන ගන්නට කාලය මදි. අනික ගුරුවරුන් පුහුණුවක් ලද අය නොවේ. මූලික සුදුසුකම දේශපාලන නිර්දේශ තමයි. විභාගයකින් සමත් වීමයි දැනුම ලබා ගැනීම හා දැනුම දීම අතරේ ලොකු වෙනසක් තියනවා. අනික ජනසවි, සමෘද්ධි, ත්‍රස්තවාදී ඝාතන අධ්‍යාපන සුදුසුකම. ඒ පත්වීම් දෙන එවුනුයි ගන්න එවුනුයි දෙගොල්ලම කළේත් කරන්නේත් අධ්‍යපනය භක්ෂණය කිරීම.”




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll