“අපි උගන්වන්නට පටන්ගත් කාලයේ දින සටහන්, වාර
සටහන් උපකරණ හදා ගෙනයි පන්තියට ගියේ. මාණ්ඩලික අධ්‍යාපන නිලධරයෙක් අනියමින් පාසැල්
වලට අවුත් ඉගැන්වීමේ ක්‍රියාවලීන් සොයා බලනවා. උපදෙස් දෙනවා. අද විදුහල්පතිගෙ
සැලකිලි ලබා ලොග් පොතේ ලියනවා, ‘මනා පරිපාලනයක් ඇත’ කියා. වාර්ෂික පරීක්ෂණත් එහෙමම
තමා. දක්ෂයා අගය කිරීමකුත් නෑ. අදක්ෂයාට දඬුවමකුත් නෑ. අනායාසයෙන් වර්ෂයක් පාසා
වැටුප් වර්ධක ලැබෙනවා.”
“ඔබ තුමා මේ කියන්නෙ සමස්තයක් වශයෙන් අධ්‍යාපන රටාව ගැන නේ. තවම කීවෙ
නෑනෙ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිළුල ගැන.”
“ඒක කියන්නට ඕන නිසා නේන්නම් පිරිවෙණේ රාජකාරියකට අධ්‍යාපන කාර්යාලයට
ගියේ. මට වැසිකිළියට ගියත් ඒක සුන්දරයි. ප්‍රිය මනාපයි ක්‍රමාණු කූලයි. තම අවශ්‍යතා
ඉටු කර ගන්ට සියලු පහසුකම් තියෙනවා. නමුත් තිස් තුන් අවුරුද්දක් පොල් ගාපු අධ්‍යාපනය
මතක් වෙන කොට ඇතිවෙන්නේ අපුලක්.”
“ඔන්න ආයෙමත් විදුහල්පති තුමා රෝන් යනවා”
“හරි හරි, පිරිවෙණේ රාජකාරී ටික කර ගන්ට ඕනෑ
ක්ලාක් උන්නාන්සේ මගේ ලියුම් ටික අරගෙන පැත්තකින් තියල ගියා තේ එකක් බොන්ට
කැන්ටිමට. පැය බාගයක් විතර බලා ගෙන හිටියා - නෑ ආවෙ. මෙන්න බොලේ මේ මනුස්සයා
පත්තරේ බලනවා - මං ඇසුවා තේ බීවද කියල”
“තවම නෑ. මහත්තයා තේ බොන්නෙ නැද්ද?” ඔහු මගෙන්
අහපි.
“බොමු එහෙනම් මොනවත් කනවද?”
“ඔය ෂෝටීස් වගේ දෙයක් කමු”
රෝල්ස්
දෙකක් හා තේ දෙකක් මේසය මත තබා අත සෝදා ගන්නට පයිප්පය ළඟට ගියා. එතැන විනාඩියක්
හමාරක් කල් ගත වූයේ උදේ ආහාර ගත් කීප
දෙනෙකු අත් සේදීමේ යෙදී සිටි නිසා. මං එනකොට ක්ලාක් තුමා දෙවැනි රෝලයට ද වග
කියමින් සිටි බැවින් තේ කෝප්පයෙන් පමණක් සෑහීමට මට සිදු වුණා.
“තව විනාඩි දහයකින් විතර එන්ට කෝ. මං ලියුම හදල තියන්නම්.” යැයි කියූ ඔහු පිටට ද තට්ටුවක් දමා කාර්යාලය දෙසට පා නැගුවා. උදේ පැමිණි මොහොතේ සිට කතා බස් කිරීම් කැන්ටිමට යාම හා දක්වන ලද හිතවත් කම ඇතුළු ලිපිකරු මල්සරා සමඟ පැවති පයුරු පාසානය දෙස එකෙකු විමසිල්ලෙන් බලා සිටියා. ඔහු ද ලිපි කරුවෙකි. කැන්ටිමෙන් එළියට එමින් සිටි මට ඔහු තමන් වෙත පැමිණෙන ලෙස අතින් සන් කළා.