218. Grade One ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


මහත්තයා ගුරු පත්වීමනට ඉන්ටර්වීව් ගියා ද?

ඔව්

තව ම ලැබුණෙ නෑ නේද?

ඔව්

ඒකෙ පොඩි ප්‍රශ්නයක් තියනවා - අවශ්‍ය නම් හදා ගන්න පුළුවන්

ඒ කොහොම ද?

අමාත්‍යංශයේ වැඩ කරණ මගේ යාළුවෙක්  තමයි මට කෝල් කරල කීවෙ.ඉතිං ලියුමක් දාන්ටත් බෑ. ප්‍රශ්න ඇති වෙනවාට කොයි වෙලාවෙ හරි හම්බවෙයි කියල මාත් බලා හිටියෙ.

මොකක්ද ඉතිං මගෙන් කෙරෙන්ඩ ඕනෑ?

වැඩි දෙයක් නෑ රුපියල් තුන්සීයක් එහාට දුන්නොත් වැඩේ කෙරෙයි.

තුන්සීයක් - තුන්සීයක් ... ... ...

එදා තුන්සීයක් යනු මෙදා පන්දාහක මුදලකි. පත්වීමට අනුව වැටුප මාසයකට රුපියල් 168/-කි. පිරිවෙන් ඉගැන්වීමෙන් ලැබෙන්නේ රු50/-කි. උභතෝකෝටික නොවෙයි ත්‍රිකෝටික ප්‍රශ්නයකි.

මොකද කියන්නෙ  කැමති නම් දැන් කෝල් එකක් දෙන්නම්. යාළුවා පත්වීම් ලිපියත් හදාගෙන රෑ කෝච්චියේ එයි. හෙට මහත්තයා දහයට විතර එන්ට. මහත්තයා කියන ඕනෑම ස්කෝලෙකට පත්වීම දෙන්නම්.

හරි මං ලෑස්තියි. උදේ දහයට මං මෙතන.

පැමිණි රාජකාරිය ඉටු කර ගැනීම සදහා මල්සරා වෙත ගියා.

මොකෝ ඒකා කියන්නේ - මගෙන් ඔයා ගැන ඇහුවා. ඔයාට ගුරුපත් වීමක් ඇවිල්ලා නේද? ඇයි, අද දෙන්ට බෑ කීව ද?”

අනේ නෑ දැන් ලියල දෙන්නම් කීවා. අද අඟහරුවාදා නිසා එපා. හෙට පත්වීම ගන්නට කැමති වුණා.දහ දොළොස් දෙනෙකු ම ඔය පත්වීම ගත්තෙ ගිය මාසේ. ඇයි මහත්තයට ලියුම් එවල තිබුණේ නැද්ද?”

මං හිතන්නෙ ලියුම ගෙදර ඇති. වැඩි හරියක් මං ඉන්නෙ පිටනෙ ඒකයි.

පිරිවෙනේ ලිපිය සැකසූ බවත් එහෙත් එය අත්සන් කරන්නට නියමිත නිලධරයා නැති බවත් පැවසූ මල්සරා ලිපිය ලබා දීමත් හෙටට කල් දැම්මා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll