223. Principal ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


දුම්රිය මැදිරියේ තිදෙනෙකුට වෙන් වූ ආසනයේ සමාන අයිතිය දරණ මිලිනා ගුණසේකර ඇනවුමෙකින් තොරව ම විදුහල්පතිටත් මටත් සියලු උවැටැන් කරයි. සංවිධායකගෙන් ලැබෙන නියමිත තේ වේලට අමතරව උණුසුම් බෝතල් වලින් සැකසෙන තේ කෝප්පය ප්‍රණීතය. හේතුව අප සියල්ලන්ට තේ කොළ සීනි කෝපි වැනි දෑ නිවෙස් වලින්ම ගෙනැවුත් තිබුණ හෙයිනි. විෂේශයෙන් ම මිලිනා වැනි රූමත් දක්ෂ කුල කතකගේ ඒ සුරතින් නිපැයෙන තේ බඳුන දුම්රියේ පකිස්තානුවන්ගේ  තක තේ හා සමාන කළ නො හැකියි.

මිලිනා දෙදරු මවකි. ඇයගේ සැමියා මිය ගොස් අවුරුදු 11 කි. ඔහු ආගමන විගමන දෙපාර්ථමේන්තුවේ සේවය කළ අයෙකි. වැන්දඹු විශ්‍රාම වැටුප ප්‍රමාණවත්ය. ඇය ලිපිකරු සේවාවෙන් විශ්‍රාම ගෙන ගත වී ඇත්තේ අවුරුද්දකි.

ඒ වයස් ගත කාන්තාවන් හා අංගපුලාවකට නැති සිරුරු ඇත්තියන් අතරත් මිලිනා රූමතියකි. ඇයගේ හැසිරීම් රටාව ද සිත් ගන්නා සුළුය. පුතා පුද්ගලික අංශයේ විධායක මට්ටමේ අයෙකු බවත් දියණය රජයේ සාත්තු සේවිකාවක බවත් කී මිලිනා ඒ දෙදෙනාම විවාහ වී ඇති බවත් පැවසුවාය. ඇය අප අසලින් එහා මෙහා වන තෙක් බලා සිටි විදුහල්පති මුහුණට බැරෑරුම් බවක් ආරූඪ කරගෙන මෙසේ කීය.

මචං ධර්මෙ, බඩු කෑල්ල කොක්ක ගහන්න වගෙයි ලෑස්ති

කාටද මට ද?

නෑ බං මට

එතකොට නෝනා, දරුවෝ?”

උන් ඉන්නෙ ලංකාවෙ. මේ ඉංදියාව. ලංකා නීති සංග්‍රහය බලපාන්නෙ එහාට මිස මෙහාට නො වෙයි. එන එන හැටියට ගහ උළු අස්සාකීවේ නිකන් යැ. එයාට ඕනෑ ඉල්ලන් කන්ට නම් අපට මොකෝ?”

අපි ආවෙ වන්දනාවෙ. අනෙක බුද්ධ ජන්ම භූමියට. වැරදි ක්‍රියා මාර්ගවලට යන එක හරි නෑ නේද?”

මොකක්ද වැරදි ක්‍රියා මාර්ගය, බය ගැන්වීමක් කළාද? බලහත්කාරකම් කරණවද? මත් ද්‍රව්‍යයක් දීල නො මගට ගන්නවද? සල්ලි දීලද, නෑනෙ. තම තමන්ගෙ කැමැත්තෙන් කොයි දේ සිදු වුණත් ඒක වරදක් නො වෙයි. බුදු බණටත් එකඟයි - රාජ නීතියටත් එකඟයි

මං නං ඒ කාරණය අනුමත කරන් නෑ

ඕක ඉතිං ‘නානත්ත කායා නානත්ත සඤ්ඤා’ - චිත්ත පාරිශුද්ධිය පමණයි වැදගත් වෙන්නේ

යකාගේ පාරිශුද්ධියක්නෙ ඒක.

ඔව් බොහෝ අය නිසි අවබෝධයකින් තොරව තමයි ජාතිය - ආගම - භාෂාව - සංස්කෘතිය - සභ්‍යත්වය - ශිෂ්ටාවාරය ගැන කතා කරන්නේ. ‘ඔළුව’ ඒ කියන්නේ ‘බුද්ධිය’ වෙනුවට උපයෝගී කර ගන්නෙ ‘පපුව’. මොළයෙන් කළ යුතු දේ පපුවෙන් කරන්නට යාමෙන් වෙන්නේ නො දැනීම තිරිසන් සතෙකු බවට පත් වීම. යථාර්ථය තේරුම් ගන්ට බොහෝ දෙනෙක් මැළියි

ඒක එහෙම යි කියමුකෝ. මං අහන්නෙ අනුන්ගෙ ගෑණු පරාණයක් ගැන කියූ දේ?”

හොදා ධර්මෙ ම කියන්ට පර අඟනුන් හා සහ සම්බන්ධතාවක් පවත්වන්නට එපා කියල තියෙන බුද්ධ නීතිය




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll