කාවේරිය
දුම්රිය පොළක නවත්වා හති අරී. දෙනෝ දාහක් දෙනා කඩිමුඩියේ දෙමළ, හින්දි, ගුජරාටි, මරාටි,
බසින් කෑ මොර දෙමින් භාණ්ඩ අලෙවියෙහි යෙදෙති. එහෙත් මගේ සිත තුළ
නැග එන්නේ බලවත් විපර්යාසයකි. ටෙලි නාට්‍ය හෝ ඉන්දීය වෙනත් චිත්‍රපටිවලින් දකින
සුරූපිණියනට අලගු තැබීමටවත් නො හැකි ගෑණු පරාණ මිස, ලීලා සම්පන්න එකියක හෝ දැක
ගන්නට නැත. එහෙ මෙහෙ යන පිරිමින් අතර හෝ දේහධාරීන් තබා තාරුණ්‍යය කැපී පෙනෙන අයකු
වුව දෑස් නො ගැටේ. ඉකුත් පැය දහයක් තිස්සේ දහවල් කල සැතපුම් දහසක් පමණ දුර ගෙවා
ඇතත් ආසාවට පාසැල් නිළ ඇඳුමක් දක්නට නො ලැබිණි. බුදුන් උපන් දේශයේ යැයි කියන
ඉන්දියාවේ අප ගමන් කරන ප්‍රදේශය කෙසේ වත් සිතට සැනසුමක් දෙන තෝතැන්නක් නො වන බව
සිතේ. ආගම් අදහන්නෙත් දෙවියන් බුදුන් විශ්වාස කරන්නෙත් නූගත් දුගී දුප්පතුන් බව
සමාජය තුළ දක්නා ලැබේ. බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්නට මේ නූගතුන් රැස්කර ගත් බවක්
වැටහෙයි. ඒ ගැන සිතා බලන්නට අවකාශයක් නොදී විදුහල්පතිගේ කථාව ඇසුවා.
“පසුවදා
වෙලාවටම පාසැලට ගියා කිසිදු හැල හොල්මනක් නෑ. ඒත් එක්තරා ගුරු පිරිසක් මුහුණවත් නො
බලා පැමිණීමේ ලේඛනය අත්සන් කර කාර්යාලයෙන් පිට වී ගියා. ඉකුත් දා සිදුවූ හෙය්යන්
මාරුවෙන් පාඩම් උගත් බිරිඳ, දිවා ආහාරයට සකසා දුන් පාර්සලය සහිත රෙදි උරය
කාර්යාලයේ ඇණයක එල්ලුවා. කාර්යාලය කීවට එය 20x60 ශාලාවේම වෙන් කළ 10x20 කාමරයක්. විදුහල්පති වරුන් දෙදෙනා වෙන් වෙන්නේ මැදින් තිබුණ අල්මාරිය
කිනි. කනිටු අංශයේ විදුහල්පති ගුරු මේසය අසල ඇති ළමා ඩෙස්කුවක වාඩි වී දාහය නිවා
ගන්නට සැරසුණා පමණකි.
“කාගෙද මේ බිත්තියේ එල්ලලා තියෙන මල්ල?” ඒ ද්විතීක අංශයේ විදුහල්පති භික්ෂුවගේ ගෝරනාඩුවකි.
“මේක මළු එල්ලන තැනක්ද, ඔන්න ඕක
ගලවලා වීසි කරණවා එළියට.” එතැන සිටි කාහට හෝ අණ දෙනු ඇසිණ.
“ගලවන එක හරි වීසි කරණ එක හරි හාමුදුරුවන්ගේ වැඩක්. අනේ අපිට බෑ ඕවට
සම්මාදන් වෙන්න.”
“කාගෙද ඔය මල්ල?”
“අර ඊයෙ ආපු මහත්තයගෙ”
කිසිදු
හාවක් හූවක් නැත. මීයට පිම්බාක් මෙනි. කණිෂ්ඨ අංශයේ විදුහල්පති මගේ පිටට
තට්ටු කර මාපට ඇඟිල්ල සෙලැවීය.
පන්තිවල
වැඩ ආරම්භ විය. ගුරුවරු පන්තිවලට ගියහ. මා කළයුතු වැඩක් නැත. එබැවින් පාසල වටා
රවුමක් ගොස් බලන්නට සිතිණි. එසේ පාසැල වටා ගොස් පරීක්ෂණයක යෙදෙන්නට සිත් වූයේ දැන්
සිදුවන හැටියට වැඩිකල් නො ගොස් වෙනත් තැනකට යන්නට සිදුවෙතැයි සිතට කා වැදී තිබුණ
බැවිනි. අනික මා අසා ඇති කතාවක් සිහිපත් විමයි.