“ඒ මොකක්ද?” ඒ මිලිනාගේ ප්‍රශ්නයකි.
“ඔන්න ඒ කතාව අහගන්ටකෝ” කියමින් විදුහල්පති වතුර බෝතලය ගෙන උගුරු හත
අටක් බීගෙන බීගෙන ගියා.
“පන්සලක හිටියා හාමුදුරු නමක්. දායකයොත් දනින් පැනින් ඇප උස්ථාන කළා.
ටිකක් පිටිකක් එහෙම නොවෙයි අවුරුදු 12ක්ම ඒ සංඝයා පන්සලේ
අධිපතිකම දැරුවා.”
“ඉතිං - ඉතිං!”
“මෙයාගෙ දායකයෝ කීප දෙනෙක් අළුත්
ඉඩම් හම්බවෙලා තරමක් දුර බැහැර ප්‍රදේශයක පදිංචියට ගියා. ඒ උදවියට මලක්
පහනක් පුදන්ටවත් තැනක් තිබුණෙ නෑ. මේ නිසා අලුත් කොළණියේ පදිංචියට නො ආ එකෙකුගේ
ගෙයක් පන්සලක් බවට හරවා ගත්තා. ඒ ඉඩමේ තරමක් වැඩුණු බෝ ගසක් තිබීමත් වැඩේට ලොකු
හයියක් වුණා. අපේ මිනිස්සුන්ට බෝගහක් කිව්වොත් ඇතිනෙ. ඒක ඉතින් දිව්‍යලොකෙ යන්න
ඉණිමඟක් කර ගන්නවානේ.”
“අර පන්සලේ හිටිය ශ්‍රද්ධා සම්පන්න දායකයෙක් තමයි මෙතැන ප්‍රධානත්වය
ගත්තේ. ඒ මනුස්සයා ලියුමක් ඇරියා
හාමුදුරුවන්ට. තමන් සිටින ප්‍රදේශයේ සැප පහසුකම්, මිනිසුන්ගේ
ගති ගුණ, අලුත් ආරාමයේ ස්වභාවය. අනාගතයේ එතැන දියුණු
කරන්නට පුළුවන් ක්‍රම ඇතුළු වගතුග තමා ලියුමේ සදහන් කෙරුණේ. අන්තිමේට ලිව්වා ‘අනේ අපෙ හාමුදුරුවනේ අපට අනුකම්පා කරල ඉදිරි
වස් කාලයේ වස් වසන්නට මේ අලුත් ආරාමයට වඩින්ටම ඕනෑ’ කියල .”
“ඉතින් හාමුදුරුවෝ ගියා?” ඒ මිලිනාගේ හඬ.
“හිටපන් යෝධියේ පනින්නෙ නැතිව කාරණය කියන කල්” විදුහල්පති
දැම්මා සුපුරුදු නියෝගයක්. සෙනෙහසේ ඡායාවක් මිලිනාගේ
මුවෙන් විහිදුණා.
“ආගම ධර්මය ප්‍රචාරය කිරීම තමන්ගේ අධිෂ්ඨානය බවත්, අසුවල් දින වස් විසීම
කළයුතු බැවින්, ඊට පෙර දින සවස තමන් හා යාමට වාහනයක් රැගෙන එන ලෙස හාමුදුරුවන්
ලියා යැව්වා.”
පරිසරය
අඳුරෙන් වෙලා ගෙන ඇත. තැනින් තැන විදුලිය ආලෝකය දක්නා ලැබෙයි. කාවේරිය සුපුරුදු
ගමනේ.
තුවාය
කරට දමාගත් විදුහල්පති මුහුණ දොවා පැමිණියේ ය.
“කට්ටිය වැඩි වෙන්ට ඉස්සරවෙලා බාත්රූම් ගියොත් නරක ද?” විදුහල්පති අසයි.
“ඇයි ඊයෙ රෑයි අද දවාලුයි දෙන්න
ම එකට නේ ගියේ. දැන් විතරක් තනියම යන්නේ?” ඒ මිලිනගේ
හඬයි.
“නෑ මං දන්නවා ගිය කාරණේ ...”