“ඇයි මොකක් කියලද හිතන්නෙ?”
“පස්වෙනි සිල් පදය කඩා ගන්ටනේ”
“මට බය තියන්නෙ පහ ගැන නෙවෙයි තුන ගැන”
දිගම
දිග හුස්මක් හෙළූ මිලිනා ප්‍රාර්ථනා
දෑස් විදහා ගෙන අමුතු සිනහවකින් මුව සරසා ගත්තා ය.
මිලිනා ද හුන්
තැනින් ඉවත්ව ගියේ “භදන්තා අයං සුරාමේරය පාන කාලො”
යැයි වටහා ගැනීමෙන් විය යුතුය. සෙසු තිදෙනා තම තමන් ගේ ලෝකවල හෝ
යාමට බලාපොරොත්තවෙන් සිටිනා ලෝකවල එල්බ ගෙන සිටින වුන් බැවින් අපේ අහිංසක ප්‍රීති
පමෝද්‍ය උදෙසා ඔවුන්ගෙන් කිසිදු ගැහැටක් ඇති නොවිණි. මේ හෙයින් දෙ වටයකින් සියල්ල
නිමා කෙරිණි.
රාත්‍රි
ආහාරය ප්‍රිය ජනක විය. ඊට තෝසේ දෙකක් හා උඳු වඩයක් සාම්බාරු සමග සම්බෝල දෙකක්
ඇතළත්ව තිබුණු බැවිනි. ආහාරයෙන් අනතුරුව තේ දෙන්ට දැයි මිලිනා විමසුවාය. නිතර තේ බීම අගුණ බව විදුහල්පති කීය.
“අපෝයි ඔව්, අගුණ නිසා නොවෙයි ‘බහී’ කියන බයට” ඒ
මිලිනා.
“එහෙනම් ඔයත් යමක් කමක් දන්නවා” ඒ විදුහල්පති.
“මාත් ඉතිං මෙච්චර කාලයක් පොල් ගෑවයැ. මං ජීවත් වුණෙත් මේ සමාජයේ ම නේ.”
මුහුණ නොරොක් කරගත් මිලිනා කියයි.
තමන් කියූ දේ තවම සැර වැඩි බව වටහා ගත් විදුහල්පති ‘සිත රිදුණා නම් සමා වන ලෙස’
ඉල්ලා සිටියේ ඇයගේ සුරත මිරිකාලමිනි. ඊට විරෝධයක් නො නැගූ මිලිනා සුන්දර සිනහවකින් සංග්‍රහ කළාය.
“අනේ අර හාමුදුරුවන්ගේ වස් වැසීමේ කතාව කියන්ට කෝ” යි මගක් කියා නවතා තිබුණ සිද්ධිය
ගැන මිලිනා සිහිපත් කළාය. විදුහල්පති
කථාව පටන් ගත්තේය.
“තට්ටු ලොරියක බෙර දවුල් කාරයන් - නැට්ටුවන් - වෑන් දෙකක දායක දායිකාවන්
හාමුදුරුවන්ට යන්ට තවත් කාරයක්. මේවා හවස් යාමයේ පන්සල් මිදුලේ නවත්තාපි. බෙර
දවුල් කරුවන් විහාරය ලඟ පූජා පදයක් ගැහැවුවා. අවට ගම්වාසීනුත් ආවා, දොළොස්
අවුරුද්දක් තිස්සේ මිය ගියවුන්ට නිතරම යන්නට වීසා - පාස්පෝට් සකසා දුන් සෙස්සන්ට
සදිව්‍ය ලෝකවල හැටි සොබාව පහදා දුන් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ තාවකාලිකව හරි යන
ගමනට සමු දෙන්ට.
ඉදිරියේදී
පාවිච්චියට අවශ්‍ය වන අඳන, සිවුරු, නානකඩ,
තුවා ඇතුළු උපභෝග පරිභෝග වස්තූන් බෑගයකට දමා දායකයෙකුට දුන්නා
වාහනයේ තියන්නට. වටිනා කියන පට සිවුරක් පොරවා ගත් හාමුදුරුවෝ ආවාසයෙන් එළියට එත්ම
පටන් ගත්තා. ගජරාමෙට හේවිසිය. නැට්ටුවන් අඩවු කස්තිරම් අල්ලන්නට ගැහි ගැහී හිටියේ.
ඒත් අතින් සංඥා කළා ශබ්දය නවත්වන ලෙස හාමුදුරුවන්. ශබ්ද පූජා පවත්වන්නන් හිතුවෙ ‘තවත්
හයියෙන් ආලවට්ටම් දමමින් රාජකාරිය කළයුතු බව’කි. නැග්ගෙ නැතෑ හාමුදුරුවන්
අසූහාරදාහට.”