228. Principal ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


නවත්තපියවු යකෝ නවත්තපියවු ඔය මළ ඉලව්ව

හාමුදුරුවන්ගේ ගෝරනාඩුවෙන් පන්සල් බිම ම මීයට පිම්බාක් වගේ වුණා.

වයස්ගත දායකයෙක් දෙකට නැවී වැඳගෙන ම ආවා හාමුදුරුවන් ළඟට.

තරහ අවසර! මොනව හරි අඩු පාඩුවක් වුණා ද? අපෙ හාමුදුරුවනේ

මනුස්ස ජීවිතය කියන එක අද හිටියා හෙට මළා. මට ආයෙත් මේ පන්සලට එන්න වෙයි ද නො වෙයි ද දන්නෙ නෑ. ඒක නිසා විහාර ගෙට ගිහින් බලා ගන්ට ඕනෑ බුදු පිළිමෙ මූණ කොයි පැත්තට ද හරවලා තියෙන්නෙ කියලා

ඒ කියන්නෙ හාමුදුරුවො මේ අවුරුදු දහයක් දොළහකට එක දවසක් වත් විහාර ගෙට ගිහින් නෑ!

කොහෙ යන්ටද මනුස්සයෝ කප්පරක් වැඩ වැඩ. දානෙ ගෙනෙන අයට ම කියල බුද්ධ පූජාව තියනවා. පන්සලේ කොල්ලට කියල විහාරගේ අතුගාලා දම්මනවා

තුඃ විතරක් කියන ලස්සන. කරේ සිවුරු කෙටිය තියන නිසා අතපය උස්සන්නෙ නෑ. බැහැපන් පන්සලෙන් එළියට. ආයෙ මෙහෙ බත් වානා.යි දායකයා පුපුරා හැලෙමින් කීවා.

ඈ මනුස්සයෝ මේ වාගේ නිගණ්ඨයෙක්ද අපේ පන්සලට දොක්කන්ට ලෑස්ති වුණේ?” කියා සම්බන්ධීකාරකයාට බැණ වදිමින් අලුත් දායකයන් වාහනවල නැගී යන්ට ගියා.

ඔය වගේ අය පන්සල් වල ඉන්නව ද?”

මොකෝ නැත්තෙ. බොහෝ උන්දැලැ නොදන්නෙ මහණකම විතරයි. අනිත් ඕනෑම ශබ්ද ශාස්ත්‍රයක් ම දන්නවා. මේ බුදුන්ගේ දේශය ධර්ම ද්වීපය කිය කියා රන් වැටවල්  හදන්ට රන් කොත් තබන්නට මුදල් ගරනවා. බෞද්ධයන් කියන උදවිය පිච්චමල් පූජා නෙළුම් මල් පූජා පවත්වමින් සදිව්‍ය ලෝකවල කරණම් ගහන්නට පින් රැස් කර ගන්නවා. පින් කරණවා කියල මේ මිනිස්සු කරන්නෙ ම පවු. පවු කරන්ට මග පාදා දෙන්නෙ හික්ෂූන් කියන පූජකයන්.”

දැන්වත් තේ බොමු ද?” මිලිනා අසයි.

කාලෝ අයං තේකියල තියෙන්නෙ ඒකනෙ. මේ තේ බීමට කාලයයි. තේ හදන්ට හදන්ටවිදුහල්පති කීය. අතර මඟ දී ගත් බිස්කට් පැකට්ටුවක් මිලිනාට දී අසළ සිටිය වුනට ද බෙදන ලෙස කීවෙමි. විදුහල්පතිගේ පුරාවෘතය අසන්නට මිලිනාද දැඩි ආසාවක් දැක් වූ බැවින් ඔහු වීරපුර සිද්ධය නැවත ඇද ගත්තේය.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll