229. Principal ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


 පාසල වටා යාමේ දී දැක්කා බිත්තියට යාබදව හදා තිබුණ 10x12 වගේ ප්‍රමාණයක් ඇති ටකරන් මඩුවක්. කැඩුණ පුටු කීපයක ළමා මේස හතරක් බට පතුරු පැලලි දෙකක්. බිත්තියේ එල්ලූ බත් පාර්සලයට එරෙහිව නැවත නැගී නොසිටියත් ඊට උපහාරයක් වශයෙන් ටකරන් මඩුව ගුරු විවේකාගාරය බවට පරිවර්තනය කළ යුතුයි කියා හිතේ සනිටුහන් කර ගත්තා.

සාලා හතරට මැදිවූ මිදුල මැද තමන් ගැන නො සලකා හැරීමෙන් කම්පාවට පත්ව සිටි බුදු පිළිමයකුත් දැක්කා. පිළිමය තබා තිබුණේ කොන්ක්‍රීට් කණුවක් මත ඇට වූ පියස්සක් යට. දූවිලි කොළ රොඩු ලේන් කූඩුවක් තිර රෙද්දක් දැමුවාක් මෙන් බැද තිබුණ මකුළු දැලක් හැර වෙනත් කිසිවක් නෑ.

වෛරය ද, ක්‍රෝධය ද, මදය ද, මාන්නය දැයි නො වැටහුණත් විදුහල්පති හාමුදුරුවන්ට වැටෙන්ට ම ගහන්ට ඕනෑ කියන චේතනාව හිතේ නළියන්ට පටන් ගත්තා. පත්වීම බදාදා, බ්‍රහස්පතින්දා වැඩ බාර ගත්තා. අද සිකරාදා, සඳුදාට පාසැල කනපිට හරවනවායි හිතාගෙන විවේක කාලයේ රත්නප්‍රේම (ක. වි. ප.) මහතා සමඟ හිතේ ඇති සැලැස්ම විස්තර කළා.”

නියමයි මචං නියමයි. සම්පූර්ණ සහයෝගය මගේන්. ප්‍රශ්නයක් ආවොත් උඹ තනි කරන්නෙ නෑ. මොනවද මගෙන් කෙරෙන්ට ඕනෑ.

හාමුදුරුවෝ සති අන්තයේ කොහෙවත් යනව ද?

අහවල් සති අන්තයක්. දැන් දවල්ට කාපු ගමන් යනවා කුරුණෑගල. එයාගෙ කාර් එකේ කැකිරාවට ගිහින් - යන්නේ බස් එකෙන්. සඳුදා තමයි එන්නෙ - කියන කොටම ඔය යන්නෙ.

මෙහෙ ලඟක තියනවද හුණු ගන්ට තැනක්?

හුණු විතරක් නො වෙයි සමරත් තියනවා. වැලිකරදාසියි බුරුසුයි මං ළමයෙක් යවලා ගෙන්නා ගන්නම්

සිතිවිල්ල වෛරයක් පිරිමසා ගැනීමක් වෙන්ට පිළිවන්. ඒත් ක්‍රියාව වැදගත්. කොළ අතු ටිකක් මිටි බැඳ බුදු කුටියේ මකුළු දැල් කඩා දමමින් සිටියදී ගැහැණු ළමයින් කීප දෙනෙකු ආවා.

සර් අපි සුද්ද කරන්නම්

ඇයි පන්තියේ වැඩ නැද්ද?

හාමුදුරුවො ගියානෙ - දැන් තියෙන්නෙ බුද්ධාගම

ඒක හොදයි, බුද්ධාගම පාඩමේ ව්‍යාපෘතිය. ළමයිනේ ගෙදරක ප්‍රධානියා ඒ කියන්නේ පියා එහෙම නැත්නම් සැමියා ජරා ජීර්ණව ඔත්පලව හිටියොත් ඒ ගෙදර අලංකාරයක් නෑ. පිරිහුණු මුස්පේන්තු පාටයි. විශේෂයෙන් ම ආගමික ස්ථාන කල එළියට නැත්නම් පෙරේත කුම්භාණ්ඩ බැල්මක් වැටෙනවා. බලනවා සූකිරි බටිල්ලන් වගේ කොලු කෙල්ලන් හාර පන්සීයක් ඉගෙන ගන්න තැන බුදුන්ට ගිහින් තියෙන කල. බුද්ධාගම කියල පොත ඉගෙන ගත්තාට වැඩක් නෑ. ඒවායෙහි සඳහන් ක්‍රියාකාරකම් වල නො යෙදෙනවා නම්. සඳුදා එනකොට මල් ගේන්න ඕනෑ. පොඩි එවුන්ටත් කියන්න. සඳුදට බෙදල දෙන්නම්. සතියට මල් ගේන්න ඕනෑ පන්ති. තේරුණා ද?”




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll