“එහෙමයි සර්”
සවස
පාසැල විවේක කිරීමට මත්තෙන් බුදු මැඳුරත් පිළිමයත් නව පණක් ලද්දාක් මෙන් බැබළිණි.
“රත්නප්‍රේම මහත්තයාගෙන් සම්පූර්ණ සහයෝගය
ලැබුණා?” මම ඇසීමි.
“ලැබුණා කියන්නෙ ඉහටත් උඩින් - එයා කණිෂ්ඨ අංශයේ ගුරුවර ගුරුවරියන් රැස්
කෙරුවා. සඳුදා සිට කියාත්මක වන වැඩ සටහන පහදා දුන්නා”
“ඕකෙන් මේකෙන් වෙන්නේ ස්කෝලෙ භේදයක් ඇති වෙන එකනෙ” භික්ෂුවට හිතවත් සුගලා ගරුවරිය කියා සිටියා.
“මොකද්ද භේදය, මුළු පාසැලේ ම අධ්‍යාපනය දරන්නේ තමන්ය කියා පාරම්බාන
ලොක්කා මේවා කළ යුතුයි. තමන්ගෙන් ඉටු විය යුතු විශාල වැඩක් තමයි එයා නො කළේ.
කවුරුන් හරි ඒ අඩුව පිරිමසනවා නම් ඒකට සහයෝගය දෙන්ට ඕනෑ”
“අලුතෙන් ම ආව කෙනෙක් ...”
“හරි, නවකයෙක් කරණ එකයි වරද? එයත් හොරි කහ කහ ගඩු මිරික මිරිකා
හිටියානම් හරිද? කැමති කෙනෙක් සහයෝගය දෙන්න. බැරි කෙනෙක් නිශ්ශබ්දව හිටියෝත් වඩා
හොදයි. විපුලසේන මහත්තයාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. මටත් කරට කර
හරියන මිනිහෙක් නැතිවයි හිටියෙ.”
ගුරුවරු
නිශ්ශබ්දතාව පළ කළහ. ප්‍රාථමික අංශයේ සියලුම සිසුන් කැඳවනු ලැබිණ. ක.වි.ප. ඔවුනට සඳුදා
සිට පාසැල ආරම්භ කිරීමට පෙර සිදුවන කටයුත පහදා දුන්නේය. ඊට අමතරව සියලුම සිසුන්ගේ
මව හෝ පියා සඳුදා 7 ට පාසැලට ආ යුතු බව ද කීය.
දිනට පාසැල විවේක කෙරිණ.