මල්
වට්ටි ගත් දරු දැරියන් පාසලට ඇවිත් දෙගුරුන් ද සෑහෙන ප්‍රමාණයක් ගේට්ටුව අසල රැඳිලා.
ඇතැම් ගුරුවරුන්ගේ මුහුණ පොපියමින් තිබුණ අතර ඇතැමුන්ගේ මුහුණත්තහඩු මැල වී ඇති
හැටියකි.
ද්විතීක
අංශයේ විදුහල්පති තම කාරයෙන් පාසැලට ආවා. උදේ ම ඔහු හමු වන්නට ගරුවරුන් දෙතුන්
දෙනෙකු ගුරු නිවාසයට යනු දැක්කා.
(විදුහල්පති
විපුලසේනයන්ගේ කථා විලාශය එසේම ලේඛන ගත කළහොත් විශාල ග්‍රන්ථයක් වන නිසා
බොහෝ කොටස් වාර්ථා ස්වරූපයෙන් ලියා ඇති බව සලකන්න.)
පාසැල
ආරම්භ කිරීමේ සීනුව නාද විය. කනිටු අංශයේ සිසුහු ගුරුවරුන්ගේ විධානයෙන් පේළි ගැසී
මල් බඳුන් අතැතිව සිටිති. දෙවැනි සීණුව නාද විය. එකා පසු පස එකා පන්තිවලින් පිටව
බුදු කුටිය වෙත ඇදුණහ. ආරක්ෂක වළල්ලක් සේ ගුරුවරු සිසුන් පසු පස වූහ. දෙමාපියන්
එක් පසෙකට වූහ.
උසස්
පෙළ සිසුනට මෙය අරුමයකි. කළ යුත්ත නො කළ යුත්ත වටහා ගත නො හුන ඔවුහු කිසිවෙකුගේ
ඇරයුමකින් හෝ විධානයකින් තොරව බුදු කුටිය පසු පස සිට ගත්හ. ද්විතීක අංශයේ ගරුවරුන්
හා එක් වූහ. මේ අතර පෙර දින බුදු කුටිය පවිත්‍ර කිරීමට ආ සිසුවියෝ කුඩා වුන් ගෙනා
මල් වලින් මලසුන සැරසූහ.
“රත්නප්‍රේම ලොකු මහත්තයාගෙන් ඇසුවා ආගමික
කටයුතු සඳහා හාමුදුරුවන්ට එන්ට කියන්න ද කියලා”
“මොකටද, එයා ඔහෙ හිටියාවෙ. විපුලෙට බැරිද පන්සිල් දීල ගාථා
කියවන්ට?”
“බැරි කමක් නෑ. දෙමාපියනුත්
ඉන්න නිසා පාසැලේ භේදයක් තියෙන වග රටට යනවා නේ ද?”
“ඔන්න ඔහොම ඉන්නවා.” යි කී කවිප පළමුව උදෑසන රැස්වීම ඇමතීය.
“සුභ උදෑසනක් වේවා දයාබර දූ
දරුවනි! ගුරුමණ්ඩලයේ සහෝදර සහෝදරියනි! පැමිණ සිටින දෙමාපිය වරුනි!
නව
රටාවකින් අලුත් මගක යන්නට වීරපුර විදුහල් මාතාව සුදානම් වන මේ උදෑසන මෙතැන
රැස් වී සිටින සියළු දෙනාම ඉතා ආදරයෙන් සාදරයෙන් සමාදරයෙන් පළමුව පිළිගන්නවා. මෙතැන ඉන්නවා නො කඩවා
අවුරුදු හත අට සේවය කරණ මහත්ම මහත්මීන්. ඈත අතීතය ගැන මට යමක් කියන්නට බැහැ. නමුත්
මගේ වසරක සේවා කාලය තුළ සිදු කළ යුතු එහෙත් සිදු නො වුණු රාජකාරී කටයුතක් අද ඉතා
අලංකාර ලෙස විදුහල තුළ සිදුවෙනවා. එහි සම්පූර්ණ ගෞරවය අයත් වන්නේ රාජකාරී වශයෙන්
දින දෙකකට පෙර මේ විදුහලට පත්ව ආ විපුලසේන මහත්මාට බව මා ඉතා ගෞරවයෙන් ප්‍රකාශ
කරන්නට කැමතියි.
(විශාල
අත් පොළසමක්.)