232. ග්‍රේඩ් වන් ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඒ වගේම අදින් පස්සෙ අධ්‍යාපන අංශයෙන් වගේම සෙසු සියලු බාහිර කටයුතු පිළිබදව නව මගක් ගන්නට සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට මං බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරියේදී පන්ති වශයෙන් දෙමාපියන් කැදවනවා. සිසුන්ගේ අඩුපාඩු සාකච්ඡා කරන්ට. අලුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්නට උපකාර ලබා ගැනීම සඳහා.

ඇතැම් විට සමහර ව්‍යාපෘති වලදී විශාල වශයෙන් මුදල් වැය විය හැකිය. අපේ මුදල් දෙගුරුන්ගෙන් අය කර ගැනීමේ බලාපොරොත්තුවක් නෑ. සිසු ක්‍රියාකාරකම් තුළින් ම මුදල් සපයා ගැනිමේ ක්‍රමවේදයක් අනුගමනය කරණවා. ඒ මුදල් පරිහරණය කිරීම හා වගකීම දෙමාපියන් භාර ගත යුතුයි. හේතුව ඇතැම් විට අපේ අලුත් වැඩ පිළිවෙළට ඊර්ෂ්‍යා කරන්නන් සිටිය හැකියි. ඔවුන්ට අපව හොරුන්, වංචා කාරයන් කරන්නට ආයුධ ලබා දියයුතු නැති නිසා දෙමාපියන්ගේ භාරයට මුදල් අංශය යොමු කරණවා.

අදට කියන්නට තියෙන්නේ එපමණයි. මං ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විපුලසේන මහත්මාගෙන් මේ දරු දැරියන් දෙමාපියන් ඇතුළු අප සියලු දෙනාම පඤ්ච සීලයෙහි පිහිටුවා පූජා කටයුතු කරණ ලෙස.

ඉතිං මොකද කරන්නේ - තිසරණය කියවා, දුන්නා පන්සිල්. පහන්, සුවඳ දුම් හා මල් පූජා කරණ ගාථාත් කියැව්වා. අවසානයේ ආශිර්වාදාත්මක අනුමෝදනයකුත් කළා. දැනුත් හදවත තුළ රැවු පිළිරැවු නගනවා දෙන ලද සාදු කාරයේ නින්නාදය.

සිසුන් පේළි ගැසී පන්තිවලට ගියා. ගුරුවරුනුත් නියමිත පන්තිවලට ගියා. උගන්වන හා ඉගෙන ගන්නා හඬ විනා, පාසල තුළ කෑකෝ ගැසීමක් අනියමිත ශබ්දයක් නෑ. පන්තිවලින් පිටවී යන නිදැල්ලේ හැසිරෙන සිසුවෙකු හෝ කතා සාජ්ජයට වැදී සිටිය ගුරු භවතෙකු හෝ නො දැකීම අරුමයක් බව රත්නප්‍රේම මහතා කීවේ අතිශය හෘදයංගම තාවෙනි.

විදුහල්පති හිමියන් කාර්යාලයට පැමිණ කිසියම් කටයුත්තක පැය භාගයක් පමණ නිරතවී ගුරු නිවාසයට ගියා.

සිසුන්ගේ පියවරුන් තිදෙනෙක් පෙ.ව. 9.00 ට පමණ පාසැලට ආහ. නියමිත වෙලාවට පැමිණීමට නො හැකි වීමට හේතු ඉදිරිපත් කළහ.”

ඔය අය තම දරුවන්ට නොයෙක් වැඩ පවරනවානේ. ‘පුතේ උදේ දහයට එන බස් එකේ පලයන්  ඒකෙ ගියොත් තුනේ බස් එකේ ආපහු එන්ට පුළුවන්. එහෙම නො ගියොත් අද එන්ට බැරි වෙනවා’ ඔය ඇත්තො ඔය වගේ උපදෙස් තමන්ගේ දරුවන්ට දෙනවානේ. කිව්ව විදියට ළමයා ගියේ නෑ. මොකද වුණේ බලාපොරොත්තු වෙච්ච එකක්වත් ඉටු වුණේ නෑ. ඒ නිසා මතක තියා ගන්ට අපි ලඟ ළමයි ඉන්නෙ පැය හයක් වගේ සුළු කාලයක්. දහ අට පැයක් ඉන්නේ දෙමාපියන් ලඟ. ඉස්සර වෙලා ගුරුවරුන් වූ අපි හැදෙන්නට ඕනෑ; ඒ වගේම දෙමාපියන් හැදෙන්න ඕනෑ. අප නො හැදී ළමයි හදන්ට බැහැ. ළමයින්ටත් පේන්න ඔය අයියලාට පැයක විතර වැඩක් පවරණවා. කරුණාකරල ඒක කරල දෙන්ට.”

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll