“මොකද්ද අපෙ මහත්තයා, ඕන දෙයක් කරල දෙන්නම්” ඔවුහු
එකිනෙකා කීහ.
ඔවුන්
කැටුව ටකරන් මඩුවට ගොස්, එය ගුරු විවේකාගාරයක් කරන්නට කළයුතු වැඩ ගැන උපදෙස්
දුන්නා. ඔවුන් එය ඉතා ඕනෑ කමෙන් ඉටු කළා. එකෙකු ගොස් කියත් නියන් වැනි ආයුධ
ගෙනවුත් කැඩී තිබුණ ඩෙස්ක්, බංකු, පුටුවල
කොටස් ගෙන හැදු උපකරණ විවේකාගාරයට නියමෙට ගැළපුණා.
කෑම
පාර්සලයක් ගෙන ගුරු නිවාසයට ගියේ හාමුදුරුවන්ගේ ආකල්ප පිළිබදව දැනුවත් වීමටය.
පාර්සලය ලිහා ගෙන අනුභවයට සූදානම් වෙන විට හාමුදුරුවන් එතැනින් ගියා. මොහොතකින්
ළඟට ආ විදුහල්පති, තමන්ගේ ආහාර වේලට ගෙනා මාළු කැබැල්ලක් මගේ පතට බෙදුවා.
අඩන්න
ද?,
සිනහවෙන්න ද?, ප්‍රතික්ෂේප කරන්න ද?,
සමාව ඉල්ලන්න ද?, යන හැගීම් එකිනෙකට
පරයමින් හිසට වද දුන්නා. කොහොම නමුත් පරිප්පු සමඟ හාල්මැස්සන් යොදා බැදි සම්බෝලයට
අමතරව ලැබුණ මාළු කැබැල්ල උදේටත් කෑමක් නැතිව ක්ෂුධාවෙන් පෙළුන බඩට සැනසිල්ලක් වුණා.
ඉදිරියට
කළ යුත්තේ කුමක්ද, ඉකුත් කාල වකවාණුව තුළ කළ කී දේ හරිද, ගුරු මණ්ඩලයේ සියල්ලන්ගේ
සහයෝගය ලබා ගන්නට යෙදිය යුතු උපක්‍රම මොනවාද, වැනි කරුණු ගැන සිතමින් ගස් සෙවනකට
වී බුලත් විටක් හැපුවා. විවේක කාලයෙන් පසු නැවත පන්ති පටන් ගෙන ඇත. පාසැල තුළ
ඇත්තේ දැඩි නිහඩ තාවකි. සරල සමාන්තරව පාසැලේ ක්‍රියාකාරකම් සිදු වෙයි. අංශ දෙකේම
ගුරුවරුන් මා ගැන කිසියම් සැකයකින් හෝ බියකින් පසු වන අයුරක් දැනේ. මේ අතර
වසර ද අවසන් විය. නත්තල් නිවාඩුව වෙනුවෙන්
පාසැල විවේක කරනු ලැබිණ.
මිලිනා
විදුහල්පතිගේ සිරුරට හේත්තු වී නිදා සිටී. එම ආසනය නිදා ගැනීම සදහා වෙන්ව ඇත්තේ මිලිනාටය. විපුලසේන ද වගේ වගක්
නැතිව ආයාසයකින් තොරව ලැබෙන සුව පහසුවෙන් කුල්මත් වී සිටී. සෙසු වන්දනා කරුවන් තම
තමන්ගේ ආසන මතට නැග නිදි දෙව් දුව සමඟ සැනසෙන අයුරු විපුලෙට පෙන්වා,
ඔවුන්ගේ නින්දට බාධා නොවන අයුරින් අපිත් නිදාගනිමුයි පැවසීමි. මිලිනාගේ කරවටා අත යැවූ ඔහු ඇයගේ පිට පිරිමදිමින්
අවදි කරණු සඳහා දුබල උත්සාහයක යෙදෙයි. මා මගේ ආසනයේ අතපය නිදහස් කරගත් අතර නිදි
දෙව් දුව වහා තුරුළට එන්නට ඇත. විපුලේත් මිලිනාත් කෙසේ කොතැනක නිදා ගනු ලැබුයේ දැයි නො දිටිමි.