234. ග්‍රේඩ් වන් ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


පාන්දර පහට තේ බෙදමින් දුම්රිය සේවකයා මගීන් අවදි කළේය. ඔක්කොමලා අවශ්‍යතා ඉටුකරගෙන ඉන්න ඕනෑ. 6.37බරණැස දුම්රිය පළෙන් ගමන අවසානයි. නඩේ නායක රෝහණ විධාන කළේය.

පුදුමයකි. කාවේරිය තප්පරයක් හෝ එහා මෙහා නොවී නියමිත වෙලාවට ම බරණැස දුම්රිය පොළට පැමිණියාය. පැය දෙක තුනක ගමනාන්තයකට යන ලංකාවේ දුම්රියක් කිසි දාක නියමිත වේලාවකට ගමන අවසන් නො කරණ බව දත් වනදනා කරුවන් බොහෝ දෙනෙක් කාවේරියට සෙත් පැතූහ.

ඉන්දියානු දුම්රිය සේවයේ පෝටරයන් දෙදෙනෙකු ගෙන ගොස් ලංකාවේ දුම්රිය ඇමතිකමයි සාමාන්‍යාධිකාරී තනතුරයි දුන්නොත්, ලංකාවේ දුම්රිය සේවය නිසි පරිදි කළමණාකරණය කරණු සහතිකයැ”යි විපුලසේන මහතා සියල්ලන්ට ම ඇසෙන සේ කීවේය. දෙන්නෙක් අවශ්‍ය නෑ විදුහල්පති තුමා එකෙක් ඇති. දුම්රිය ඇමති සර් ජෝන් කොතලාවලයි සාමාන්‍යාධිකාරී රම්පාල ගෙන් පස්සෙ තවම එකෙකට වත් දුම්රිය පරිපාලනය හරියට කර ගන්ට බැරි වුණා. නිකන් ම නිකං සවුදං ජෙමාලා රේල් පීලි පවා ගිලින එක තමයි කරන්නෙ. ඉස්සර මහව ඉදල මඩකලපුවට යන කල් රේල් පාර දෙපැත්තේ හැතැප්ම හත අටක මිනිස්සු වෙලාව දැන ගත්තේ කෝච්චියේ සද්දෙන්. ඒ ඒ ප්‍රදේශවල උදවිය ‘තේ පෝච්චිය’,  ‘බත් පෙට්ටිය’ කියල කෝච්චි වලට නම් තියා ගෙන හිටියෙ. හේනෙ, කුඹුරෙ වැඩ කළ අය වෙලාව දැන ගත්තෙ එහෙම. අද යටත් පිරිසෙන් මරදානෙ ඉදල කොටුවට හරියට නියමිත වෙලාවකට කෝච්චියක් යවා ගන්ට මේ පිංගුත්තරයන්ට පුළුවන් ද?

කෝ කෝ නඟින්ට නඟින්ට අන්න අර බස්වලට” යි රෝහණ විධානයක් දුනි. සියල්ලෝ ම බස් රථවලට නැඟුණාහ.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll