පාසල්
නිවාඩුවෙන් අනතුරුව නව පාසැල් වාරය ඇරැඹුණි. මුල් දිනයේ අලුත් ඇඳුම් කට්ටලයකින්
සැරසී කන්ථක අශ්වයා පිටට පැන නැගුණා (පාපැදියට) අභාග්‍යයකි. ගෝණපතිරාව
ආසන්නයේ දී ටියුබයක් පුපුරා ගියේ හෙණ හඩ තළමින. පා පැදිය වින්කලයට ගෙනගිය පසු
බාසුන්නැහේ කීවේ ටියුබයක් ගන්නට එක්කෝ කැකිරාවට නැත්තම් එප්පාවලට
යායුතු බවයි. යා යුතු තැන් ඇති මුත් අතමත ගතමනාව නැත. පසු දින මුදල් ගෙවන බව කියා
හැකිනම් අලුත් ටියුබයක් දමන ලෙස හෝ පරණ ටියුබයක් පැච් දමා සකස් කර තබන ලෙස
බාසුන්නැහැගෙන් ඉල්ලා සිටිමින් පාසැලට යායුතු ඉතිරි සැතපුම් හතර ගෙවා දමන්නට මහ
මගට පියවර තැබුවා.
එක
දිගට වැස්සෙන් මහ මග මඩ ගොහොරුවක් බවට පත්ව ඇත. තාර හා ගල් ගැළවුණ පාර පා ගමනට
කිසිසේත් සුදුසු නොවේ. එහෙත් ගමන යා යුතුමයි. පිටු පසින් එන වාහනයක සද්දයක්. එය
කාරයක්. එයින් යම් තල්ලුවක් ලැබුණොත් වෙලාවට පාසලට යා ගත හැකි වනු ඇත. මඩ හා වතුර
නැති තැනක සිට පසු පස බැලුවත් තල්ලුව වෙනුවට සිරුරට ලැබුනේ ගුරුවන් දිය සහිත මඩ
පහරකි. රියදුරාගේ හත්මුතු පරම්පරාවක එවුන්ද අඹුදරුවන්ද ආශීර්වාද ලැබුමට සුදුස්සන්
වුයේ කරණ ලද පාහර ක්‍රියාව නිසාය.
පාසැල
අසලින් ගලා ගිය දිය ඇල්ලෙන් කමිසය සෝදා
ගත්තා. කලිසමේ රැදුණ මඬ රිති ද උඩින්
පල්ලෙන් සේදුවා. තෙත බරිත කමිසයකින් සැරසී පාසැලට එනු දුටු ගරුවරුන් කීප දෙනෙකුන් ම
හේතු විමසූ අතර ඔවුනට සැකවින් සිද්ධිය විස්තර කළා. කාර්යාලයට පා තැබීමේදී දුටුයේ
විදුහල්පති පුටුව අරා හිදින කිසියම් පුද්ගලයෙකි. ගුරු අත්සන් පොත ඇති තැන විපරම්
කිරීමේදී එය අමුත්තා අසළ තිබෙනු දක්නට ලැබුණා. ඔහුගේ අවසරයකින් තොරව ම පොත ගත් අතර
ගසා ඇති රතු ඉරට යටින් නම ලියා 7.25 සටහන් කළා.
“මහත්තයා දැන් වෙලාව කීය ද?” අමුත්තා විමසයි.
“අටයි හතලිස් හතයි”
“හතයි විසිපහ දැම්මෙ?”
“වෙනදා මං එන වෙලාව නිසා.
“අද ආවෙ පහුවෙලානෙ.”
“පහුවෙන්නෙ නැතැයි කාරෙකකින් ආපු පාහර බල්ලෙක් උගෙ ගමන යන්ට හදිස්සි
වෙලා මඩ ගොඩක් උඩින් කාරෙක ඇරියා. මඩ ගොඬේ ඉස්කෝලෙට එන්ට පුළුවනෑ. ඒවා හෝදගෙන
ඉස්කෝලෙට එනකොට වෙලා ගියා. අඩමානයක් නෑ අද උදේ ම ඌට ගෑණි ගහලා තියෙනවා කොස්සෙන්. ඌ
ආපු හැටියෙන් ඒක කියන්ට පුළුවන්. පාහර බැල්ලිගෙ පුතා.”
විදුහල්පති
භික්ෂුවත් රත්නප්‍රේමත් හාවක් හූවක් නැත. තවත් ගරුවරුන් කීප දෙනෙකු දින
සටහන් පොත් පෙන්නන්නට පැමිණ ඇත . ආවේගය පිට කරණු වස් තවත් කට ඇරිණ.