“උදේ සයිකලේ ආවෙ. ඒ කෙ ටියුබ් එක පිපුරුවා. ගෝනපතිරාවෙ ඉඳන් ආවෙ
පයින්. එතකොටයි මේ සිද්දිය වුණේ. මගේ හිත දන්නවා බොරුවක් නො කළ විත්තිය. එහෙම
තියෙද්දි රාජකාරියට එන කොට හරස් ප්‍රශ්න අහනකොට කැවුතු බිස්ස එළියට ඇදල
ගන්න හිතෙනවා. මගේ ගෙදර ඉදල මෙතෙන්ට එනකොට පාසැල් හයක් පහුකරගෙන එන්නෙ. මොකෝ මං
විශේෂඥ විශේෂ විෂයක් උගන්වන කෙනෙක්යැ. සේවා යෝජකයන් කියන පාදඩයන් දැන ගන්න ඕනෑ
නිවැරදි පාලන රටාව. එක එකාට මුට්ටි අල්ලලා ගඩු මිරිකලා ගෑණි පවා පූජා කරල තනතුරු
ලබාගත්ත එවුන් දන්නවද ඇන්නෑ පරිපාලනයක්.”
අමුත්තා
ලොග් පොතේ යමක් සටහන් කරණු පෙනිණි. හුනස්නෙන් නැගී සිටි ඔහු ගුරු නිවාසය දෙසට ගොස්
කාරයකින් පියඹා යනු දක්නට හැකි විය. හත් වළාමයි මගේ සිරුරට මඩ ඉසිමින් ගිය කාරය එය
බව පසක් වූයේ වර්ගය වර්ණය හා කේන්තියට හිතේ සනිටුහන් කර ගත් අංකය ද එකට ගැළපීම
නිසයි.
“විපුලසේන මහත්තයා”
“ඇයි හාමුදුරුවනේ”
“මෙන්න සුභාරංචියක්”
“මොකක් ද?”
භික්ෂුව
ලොග් පොත පෙරලා එහි සඳහන් සටහන කියවයි.
“... ... ...
විදුහලේ සේවයේ නිරත H.M. විපුලසේන මහතා සාමාන්‍ය ගුරුවරයෙකි.
දුර බැහැර සිට සේවයට ඒම ඔහුට දුෂ්කර කටයුත්තකි. මෙම විදුහලේ ප්‍රමාණවත් ගුරුවරුන්
සංඛ්‍යාවක් ඇත. කලුකඹරුව විදුහලට ගුරුන් හිඟයක් පවතී. එබැවින් මෙම ගරුවරයා
ස්ථාන මාරු කිරීම සුදුසු බව නිර්දේශ කරමි.”
අ.ක.
මාණ්ඩලික
අධ්‍යාපන නිළධාරී.
“ඒ ඇවිත් හිටියේ මාණ්ඩලික අධ්‍යාපන නිලධාරි ද?”
“ඔව් මහත්තයා දන්නැද්ද?”
“මං කොහොමැයි දන්නෙ මේ ඊයෙ පෙරේදා ආව මනුස්සයා. මං නිකමට හරි දැනං
හිටියා නම් දෙනවා දෙලොව රත්වෙන්ට. හරි හමං විදියට වාහනයක් එලවන්ට දන්නෙ නැති
පාහරයා”
“දැන් හරිනෙ, මහත්තයාගේ ප්‍රශ්න විසඳුනානේ. මං
මේකෙ සටහන් අනුමත කරලා දෙන්නම්. හෙට අනුරාධපුරයට ගිහින් ප්‍රධාන අධ්‍යාපන
නිලධාරී තුමා හමුවෙලා ස්ථාන මාරුව හදා ගන්ට”
ක.වි.ප. රත්නප්‍රේම ඇතුළු ගුරු මණ්ඩලයේ බොහෝ දෙනෙක් ස්ථාන මාරු කථාවට කම්පා වූහ. හොද වැඩ පිළිවෙළක් ගෙන යන්නට තිබුණ අවස්ථාව අත් හැරිණැයි දුක් වූහ. පාසැලෙන් නොයන ලෙසට තරුණ ගුරුවරියන් තිදෙනෙක් වෙන් වෙන්ව ඇවිටිලි කළහ. මා විවාහකයෙකු බව ඈලා නො දනිති. ඈලාගේ අදෝනාවෙන් පසු පපු කැනැත්ත ගිනි පත්තු වුවත් සැමියා අත්හැර ගොස් සිටි තමරාගේ හීල්ලුම කෙසේවත් නො මතක් කළ හැක්කක් නො විණි. සැතපුම් දහයක දුරකින් සිටින බවක් නිතර හමු විය හැකි බවක් පවසා ඇගේ සිත සනසාලනු හැකි විය. අද වගේ ජංගම දුරකථන එදාත් තිබුණා නම් ... ... ... “මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ ...”