238. ග්‍රේඩ් වන් ප්‍රින්සිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


ඔයාට පුදුම ඉවක්නෙ තියෙන්නෙ. විපුලෙ කියයි.

ඇයි එහෙම කීවෙමිලිනාය.

නෑ ඉතින් අපි යන තැන හොයාගෙන ... ... ...

මේ මේ කරුණාකරල බහු වචනයෙන් එපා. මංකියල කියන්න.ඒ මම.

මිලිනා සොදුරු සිනහවක් පෑවාය. විපුලෙ ගෙනා මුරුක්ක වඩේ ඇතළු සුළු ආහාර වර්ග කීපයක් ඇයට පරිත්‍යාග කළේය.

රෑ එළිවෙනකල් මේවා කකා ඉන්ට වෙයි.මිලිනා ගේ හඬය.

කැමති නම් මට මොකෝ - ඒක නොවෙයි හලෝ අපි දෙන්නට එක කාමරයක් තියෙන්නෙ ඒකෙ නිදා ගනිමු?”

ඒයිය මට ලැජ්ජයි. අනිත් එක අපි තුන් දෙනෙක්ට කාමරේ දීල තියන්නෙ. අනිත් අය බලයි මං කොහෙද ගියේ කියල.මිලිනා.

ඒක ගණං ගන්න එපා. අනිත් අයට කියනවා 40 කාමරේ එක්කෙනයි ඉන්නෙ ඒකට මට යන්න කීවා කියල. හීන් සැරේ ඔයාගේ ගමන් මල්ලත් අරගෙන අපෙ කාමරේට එන්න. මං අර හුලන්දාවෙ ගොයිලාගෙ කාමරේට වැදිල බිම හරි නිදා ගන්නම්ඒ මම.

ඔන්න බලනවා ඇස් පනා පිටම දෙවි වරුන් ඉන්න වග. පුද පූජා පවත්වන්ට ඕනෙ මෙන්න මේ වගේ උත්තමයන්ට. ප්‍රශ්නය නිරා කරණයි. තීන්දුයි” විපුලෙ කීය.

රාත්‍රි ආහාරයෙන් පසු මිලිනා හොර දෙටු පූසියෙක සේ තම ගමන් මල්ලත් ගෙන අපේ කාමරයට රිංගුවාය. දෑසින් පෙරෙන ගින්නක් දෙතොලතරින් වෑහෙන ආවේගයත් මිලිනාගෙන් දිස් විය. මගේ අඩුම කුඩුම හා ලට්ට ලොට්ට පොදි බැඳගෙන හුලංදාවේ ගොයියන් හා එකතු වීමි.

පසු දිනට පහන් විය. සුපුරුදු පරිදි පූර්වකෘත්‍යයන්හි නියැළුනෙමු. මිලිනා ගමන් සංවිධායක සමග කිසියම් සාකච්ඡාවකි. පෙර දින රාත්‍රි සිද්ධිය ආරංචි වී මිලිනාට තරවටු කරණ සෙයක් පෙනෙයි. ගුරු ගෞරවය කෙලෙසා ගනු ලැබුනේයැයි යන සැකයෙන් සිත පිරී යයි. විපුලෙ සොයමින් දෑස් සැරි සරයි. වන්දනා කරුවන් දිනට නියමිත චාරිකාවේ යෙදෙන්නට බසයට නගිති. මා බසයේ අවසන් ආසනයේ වාඩි වූයේ පෙර දින සිද්දිය ගැන බසයේ තොරතුරු මැනවින් දැක බලා ගැනීම පිණිසය.

මිලිනා කඩිනමින් බසයට ගොඩ වූවාය. හාත් පස සිසාරා බැලුවාය. මා සිටි ආසනය වෙත ආවාය. ඇගේ වට මට සුමට පස්ස හොස්සේ උලමින් ඉදිරියෙන් පැන වම් පස වාඩි වූයේ මගේ වම් කලවය ඇගේ දකුණු කලවයෙන් කිටි කටියේ තෙරපමිණි. පහස විදින්නද ඉවත්වෙන්නද යන සිතිවිලි දෝලායමාන වෙයි. විපුලෙද අප සිටි තැනට ම ආයේය. මිලිනාගෙන් ඉවත් වී විපුලෙට තැන දෙන්නට උත්සාහ ගතිමි. එහෙත් මිලිනා ඊට හරස් වූවාය.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll