“මුන්නැහේගෙ චරිතා පදානෙ ... ...”
“චරිතය කෙලෙසිලා ඒකෙ ගන්න දෙයක් නෑනෙ ... ...”
ඇගේ
දෑස් ලොවි ගෙඩි මෙන් රතු වී පිටට නෙරා යන්නට තතනන අයුරක් දක්නට ලැබේ. විපුලේ
කවුලුවෙන් ඉවත බලාගෙන කිසියම් සමාධියකට සම වැද සිටින අයුරක් දක්නට ලැබේ. මිලිනාගේ දෑසින් දැන් කෙරෙන්නේ ආයාචනයකි.
ඇගේ ලය මඩළ උස් පහත් වීම ඈ වෙත කැදවා ගන්නට කරණ තෙරපුමක් වැන්න. උල්වූ දෙතොල්
සරාගී සංගීත රාවයක් පිට කරණා මෙවලමක් මෙනි. ඒ සරාගිනියට තවත් දුක් දිය නොහැකිය.
සිත් පිත් නැති යන්ත්‍රයක් සේ ඈ වෙත ඇදිණ. ඒ සුරතින් වමත තඳින් ඇද ඇඟට තෙරපෙනා සේ
හිඳුවා ගත්තාය.
“මේ ඒයි මෙහෙ බලන්ඩකෝ ... ... ...”
මිලිනා
විපුලෙගෙ ඇගට ඇගිල්ලෙන් අනී. ඔහු තමන්ට නොවන සේ ඉවත බලා ගෙන
සිටී.
“මල වදේ මෙහාට හැරෙනවකෝ ... ...” විපුලෙ තවමත් සම වැදුන ධ්‍යානයෙන් මිදී නැත.
“එයාට කරදර කරන්න එපා. තවමත් ඊයෙ රාත්‍රියෙ ලැබුණ සැපත ආවර්ජනා කරණවා
වෙන්න ඇති” ඒ මම.
“මල උලවු සැපත ඉතිරි බාගෙත් බීල කණ මදය වගෙ ගොරව ගොරව එළිවෙනකල් නිදි.”
“බොරු කියන්ට එපා ...”
“නෑ ධර්මෙ ඇත්ත. විපුලෙ මුව විවර කරයි. මට මොනව වුණාද දන්නෙ නෑ.
නෝනයි දරුවොයි මතක් වුණා. ඒකට පිළියමක් තමා බීවෙ.”
“හෙණ ගහපං ගණං බලාපන්. මං හිතවෙ උඹල සදිව්‍ය ලෝකවල ජය කෙහෙලි බැන්ද කියල”
“එහෙම වෙන්ට පිරිමියෙක් වෙන්ට ඕනෑ. මේක එහෙමයැ! අපරාදෙ ධර්මෙ
අයියගෙ පරිත්‍යාගෙ. ඊයෙ ඒ කාමරේ බිමද නිදා ගත්තෙ?”
“ඕකට ඉතිං මක් වෙනවද මට වැටත් එකයි පිලත් එකයි පැලත් එකයි ... ...”
“අපි ඔය කතාව නවත්තමු. මේ ගමන ගිහින් අවසන් වෙනකල් සහෝදරයන් වගේ ඉදිමු.”
ඒ විපුලෙගෙ යෝජනාවයි.
“මං නං ඉතිං පටන් ගත් දා ඉඳලම සහෝදර ප්‍රේමයෙන් මයි හිටියෙ. උඹලා නොසන්ඩාල වැඩ කෙරුවට; ඒක නොවෙයි ගියාද ඉතිං කන්තෝරුවට ස්ථාන මාරුව ලබාගන්ට” මම පීල්ල මාරු කළෙමි.