“ඔව් නෙ, විධිමත් ස්ථාන මාරු අයදුම්පතක් එක්ක මා.අ.නි. ගෙ නිර්දේශයක්
අරන් ගියා අධ්‍යාපන කන්තෝරුවට. ප්‍රධාන අධ්‍යාපන නිළධාරී ළඟට දුන්නා ලියුම්. ඒවා
බලල උන්නැහේ ස්ථාන මාරු කරන්නැයි, සටහනක් යොදා කීවා මේක
විෂය භාර ලිපිකරුට දෙන්ට කියල. ලිපිකරු කේසා. මාත් ඌට දුන්නා ලිපිය. ඒක
ගත්ත ගමන් ඌ කියාපි මහත්තයට කොහොමටවත් ස්ථාන මාරුවක් දෙන්නෙ නෑ කියල.”
ගියා
මං ආපහු ප්‍ර.අ.නි. ළඟට. කීවා ඔහුට විෂය භාර ස්ථාන මාරුව දෙන්ට බෑ කියනවා කියල. “ඉතිං මං මොකද ඒකට කරන්නේ” කියල ඌත් අහපි.
මගේ
යක්ෂ සේනාධිපතියා ආරූඪ වුණා හිස් මුදුනට නැගි අතක් ඉහළින්. ගත් කටටම
ඇහැව්වා මෙතන ලොක්කා අණ දෙන්නා ප්‍රධාන අධ්‍යාපන නිලධාරී ද නැත්නම් ක්ලාක් කට්ටො ද
කියල.
“ක්ලාක්ලා දන්නවා කළයුත්ත නො කළ යුත්ත”
“ක්ලාක්ට
වඩා මා.අ.නි. ගෙයි විදුහල්පතිගෙයි නිර්දේශය පුංචි ද. ඒක නො වෙයි ඇත්ත ක්ලාක්ලා පගා
ගන්නවා. ඒකෙන් කොටසක් තමුන්ටත් එනවා. ඒක නිසා ප්‍රධාන අධ්‍යාපන නිලධාරී කියන
මනුස්සයා කොන්දක් නැති ගැරඩියෙක් වෙලා.”
“ඔහේ මට අපහාස කරනවා ... ...”
“අපහාසයක් ද උපහාසයක් ද කියන බිබික්කමක් මං දන් නෑ. දස දහසක් ළමයිනුයි
ගරුවරුනුයි පාලනය කරණ කොයි එකාට වුණත් කොන්දක් තියෙන්ට ඕනෑ. තමුන්ට පුළුවන් මට
විරුද්ධව ඕනෑම ඇක්ෂන් එකක් ගන්ට. සතියක් කල් දෙනවා. එහෙම නො කළොත් තමුන්ටයි චක්
ගෝලයාටයි විරුද්ධව මං ක්‍රියා කරණවා.”
කැන්ටිමට
ගොස් වඩයක් හපා තේ බී සවස 2.00 පමණ නිවසට ආවා. සිදු වූ
අලකලංචිය ගුරුවරුන් හමුවේ පැවසුවා.
ස්ථාන
මාරුව සම්බන්ධයෙන් දුකෙන් දොම්නසින් සිටියා වුණාට සිදු වූ කළබැගෑනිය සොම්නසට
හෙතුවක් විය. නානත්තකායා නානත්ත සඤ්ඤී වූවනට දින කීපයක් තුළ එකගතාවක් ඇති
කැරලීමට හැකි වීම විපුලෙගෙ දක්ෂතාවක් බව මගේ පිළි ගැනීමයි.
“ඉතිං ඉතිං ඊට පස්සෙ මොකද වුණේ?” මිලිනා විමසයි.
“වෙච්ච දෙයක් නෑ. අහවල් දෙයක් වෙන්ටැ. ඇදේ පෙරළුණා උදේ වෙනකන් අන්දොස්
පන්දොස්.”
“ඇති ඇති මහලොකු කෙරුමා. කෙළ හළ හළා හිටියට මාත් ඉතින් අනේ අපොයි කියල,
මදැයි කරගත්ත ගොන්කමක්”
විපුලේ
නැවතත් කටහඬ අවධි කළේය. විජයගාහී ලකුණු රාශියක් මුහුණෙහි සනිටුහන් විය.