242. ප්‍රින්සිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


වීරපුර සේවා කාලය තුළ එතෙක් නොපැවති ක්‍රීඩා උත්සවයක් පැවැත්තුවා. වෙසක් පෝයට මහා ශීල ව්‍යාපාරයක් කළා. සම්පූර්ණයෙන් ආගමික කටයුතු මෙහෙයැවූයේ බණ කීවේ මං. ගම් වැසි යන් දාහක් පමණ සහභාගී වුණා. ඊරිය ගොල්ලයන්ගේ ලෝකෙන් උතුම් රට ලංකාවයිකියන පසු බිමේ බඩ ඉරිගු නෙළීම, ගොයම් පැල සිටුවීම, ගොයම් කැපීම, වගේ ශ්‍රමදාන කළා. බාල දක්ෂ පන්තියක් ආරම්භ කළා. දින තුනක අධ්‍යාපන චාරිකාවක් ගියා

ෂැඃ, ලොකු වැඩ කොටසක් කරල තියනවනේ!

ඔවු ධර්මෙ, ‘නවකයෙක්’ ‘අළුත් පත්වීමක්’ යන හැගීමක් වත් තිබුණෙ නෑ. ඒක නොවෙයි වැඩේ හාමුදුරුවො පූර්ණකාලීනව ද්විතීක අංශයේ සේවයට ගත්තා. ඒ විතරක් නම් මදෑ පැරණි ගුරුවරුන් සිටියදී උන්නාන්සේ වැඩ බලන විදුහල්පති තනතුර පවරල ගියෙත් මට.

ස්ටාෆ් එකේ අනිත් අයට කේන්ති ඇති.

ඔහෙ නෑ. ඔක්කෝමලාට හරි සතුටුයි. ඇත්ත වශයෙන්ම ඒ අයට අර පරණ පිළුණු තත්වයෙන් අත් මිදිලා නිදහසේ නිවහල්ව තම රාජකාරිය කරන්ටයි අවශ්‍ය වෙලා තිබුණේ. සියල්ලන් බෙදා හදා ගෙන කෑම. ලෙඩට දුකට මරණයට මඟුලට පිහිට වීම, නිතර දුක් සැප විමසීම වගේ පුදුම සහෝදර බැම්මක් තමයි තිබුණේ. මං ඔය කාලේ නාඹර කොල්ලා; විවාහ වන වයසකුත් නෙමේ තිබුණේ. අර පත්තර මංගල යෝජනා වල තියෙන්නා වගේ රූබර පැහැපත් දැකුම් කළු වැනි ගුණාංග එමටයි. ඒකෙ පිහිටෙන් අවිවාහක ගුරු වරියන් පුළුවන් තරම් නැටෙවුවා. හැබැයි බලාපොරොත්තු දුන්නෙත් නෑ. වරදට පොළඹවා ගත්තෙත් නෑ. මොනවා හරි වැඩක් පංගාර්තු කළහම නැහීගෙන කරණවා. ඒ අය සාමාන්‍ය පෙළින් පත්වීම් ගත් අය. ඊලඟ අවුරුද්දෙ අනිවාර්ය යෙන්ම උසස් පෙළට ලියන්ට ඕනෑ කියල නියෝගයක් කළා. මං සිංහලයි බෞද්ධ සංස්කෘතියයි දෙක ඉගැන්නුවා. තවත් විෂය දෙකක් කොටස් වශයෙන් උපාධිධර ගුරුවරුන් හතර දෙනෙකුට දුන්නා.

දිවා ආහාරය බසය තුළදී යන ගමන්ම ගනු ලැබිණ. ඇතැම්හු බසයේ වුවනට බිස්කට් බෙදූහ. ඇය තරුණියකි; විශාල චොකලටයක් කෑලිවලට වෙන් කරමින් බෙදමින් අප අසලට ආවාය.

අපි ඊයෙ පෙරේදා ඉඳන් බලාගෙන ඔය තුන් දෙනා මොකක්දෝ ලොකු සාකච්ඡාවක්

ඉඳා ඔය දෙන්නම මේ එක්කෙනෙක්ගෙන් අරගෙන ද යන්නෙ?

එහෙම නැතව බෑනෙ. උද්ධමනය වැඩියි. එක ගෑණියෙකුට කන්ට අඳින්ට දෙන්න දෙන්නෙක් නොවෙයි හතර පස් දෙනෙක්වත් ඕනෑ

ඇත්ත ද අක්ක ඔය කියන්නෙ?”

ඇත්ත සම්පූර්ණ ඇත්ත. මේ වඟෙ නෝන්ජලයො දහයක් හිටියත් මොකෝ!

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll