243. ප්‍රින්සිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


කෙල්ල උඩ පනිමින් සිනා සුනාය. බසයේ වූවෝ කර පොවා බැලූහ. දුවත් එන්ට මේ මගේ කතාව අහගන්ට. ඔය ගොල්ලන්ටත් අනාගතයට වටිනවා. එසේ ඇයට ආරාධනා කරමින් නැවතත් කතාව පටන් ගත්තා.

සති තුනක් ගත වෙන තුරු බලා සිටියත් අධ්‍යාපන කාර්යාලයෙන් මගේ විරෝධයට කිසිදු පිළිතුරක්  ලැබුණේ නෑ. එය නො අවුස්සා සිටියොත් පරාජිතයෙකු බවට මාව පත් වෙනවා. මේ නිසා පරීක්ෂණයක් ඉල්ලා ලියුමක් යැවුවා. එහි මෙසේ සඳහන් කළා.”

                                            I.      අධ්‍යාපන අමාත්‍යංශයේ .... අංක හා .... දින දරණ ලිපියෙන් මාව ගරුවරයෙකු  වශයෙන් තෝරාගෙන පත්වීමක් ලබා දෙන ලෙස අනුරාධපුර අධ්‍යාපන කාර්යාලයට දැනුම් දී තිබුණා.

                                          II.      නිසි පරිදි පත්වීම නොදී කාර්ය භාර ලිපිකරු පත්වීම සකසා දෙන්නට රුපියල් 300ක් ඉල්ලා සිටියා.

                                       III.      ලිපිකරු මගේ ඉල්ලීම අනුව කලුකඹරුව විදුහල නම් කර තිබුණත්, මුදල් නොදුන් නිසා එය කුරුටු ගා වීරපුර විදුහල නම් කළා.

                                        IV.      දුෂ්කර තත්වය වටහා ගත් මා.අ.නි. වරයා මාව ස්ථාන මාරු කරණ ලෙස නිර්දේශ කරණු ලැබුවා.

                                          V.      එම නිර්දේශය සමඟ ස්ථානමාරු අයදුම් පතක් ඉදිරිපත් කළ අතර ස්ථාන මාරු කරණ ලෙස ප.අ.නි. සටහනක් යෙදුවා.

                                        VI.      එය ලිපිකරුට ඉදිරිපත් කළ පසු කෙසේ වත් මාරුවක් නොදෙන බව කියා හිටියා.

                                     VII.      නැවත එම තත්වය ප.අ.නි. ට පැවසුවත් ඔහු කියා සිටියේ ලිපිකරුගේ තීරණය තමන්ට වෙනස් නො කළ හැකි බවයි.

                                   VIII.      මෙය කාර්යාලයේ උදවිය එකට  එක් වී කරණ පගා ව්‍යාපාරයක් බව මගේ අදහසයි.

                                        IX.      මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරණ ලෙස ඉල්ලමි.

                                          X.      එසේ නො කළොත් යා හැකි උපරිම දුරක් සිද්ධිය සම්බන්ධයෙන් යන බව දන්වමි.

ඉතිං ඊට පස්සෙ මොකද වුණේ?” මම විමසීමි. විපුලෙ දිග කල්පනාවක යෙදී සිටී. මිලිනා තේ පැන් සංග්‍රහයක් පවත්වයි.

ඊට පස්සෙ මොකද වුණේ නේද?එයම ප්‍රතිරාවය කළ විපුලෙ අවඥා සහගත සිනහවකින් මුව සරසා ගත්තේය.

ලියම ඇරල හතර වෙනිද රෑ හතට විතර තුන් දෙනෙක් අපෙ ගෙදරට ආවා. එයින් එකෙකු ගේ නළල තුවාල වුණා වහලයේ උමන් ලීයක් වැදිල. අඳුර එහා මෙහා වෙන කුප්පි ලාම්පු එළියෙන් එයින් දෙන්නෙක් හඳුනා ගත්තා. එකෙක් මාමා කෙනෙක්. අනෙකා පිරිවෙනේ දායකයෙක්. ඉතිරි එකා අධ්‍යාපන කන්තෝරුවේ වැඩ කරණවා කියලා තමයි කීවෙ.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll