උන්ට
ඉදගන්ට පිලට පැඳුරක් දැම්මා. කන්තෝරුවේ කලිසං කාරයා බොහොම අමාරු වෙන් දෙපරැන්ද නවා
ගෙන ඉඳ ගත්තා. ඔය අස්සෙ පුතාලැ අම්මා තේ ගෙනැවිත් තිබ්බා සීනි බෝතලයත් එක්ක. ආ අය
අතට සීනි ගෙන, තේ බීවා.
මාමා
අහල පහල ගමක කෙනෙක්. ඔහු වැඩ කරන්නත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගොඩ නැගිලි අංශයේ;
එයා කථාවට මුල පිරුවා.
“ඈ බෑණා මොකද්ද මේ සංගෙදිය?”
“මොන සංගෙඩියද?”
“මේ කේසා මහත්තයයි උඹයි අතරෙ පටලැවිල්ල?”
මුල
සිට අගට විස්තරය කියා පෑවා. මගේ දිවි පැවැත්ම මේක නම් සමහර විට එයාගේ පැවැත්ම ඊටත්
අසීරු විය හැකි බවත් ඒ මත්තේ අසාධාරණ ලෙස කටයුත කිරීම පාහර ක්‍රියාවක් බවත් පෙන්වා
දුන්නා. ඔවුනොවුන් අතර සාකච්ඡා ඇති කර ගැනීමෙන් අනතරුව මාමා මගෙන් ප්‍රශ්න කළා.
“හොඳයි බෑනා මේක දිග දුරට ගෙන යනවා ද? නැත්නම් නවත්වනවා ද?”
“නවත්වන්නට පුළුවන් සාධාරණයක් ඉටු වෙනවා නම්. නැත්නම් දිග දුරට යයි.”
“මොකද්ද බලාපොරොත්ත වෙන සාධාරණය?”
“මගේ ස්ථාන මාරුව ලබා දීම.”
“අනේ බෑණෝ ඕකත් මහ කජ්ජක්ද? ලබන අඟහරුවාදා තියෙනවා පරීක්ෂණය. එදාට උඹට
කියන්නට තියෙන්නේ උඹ ඉස්සරහා ඉන්න කේසව පෙන්නලා මෙයා නෙවෙයි මගෙන් සල්ලි
ඉල්ලුවේ වෙන කෙනෙක්ය කියල.”
එසේ
කියමින්ම සාක්කුවේ තිබුණ ලිපියක් ගෙන මාමා මා අත තැබීය. එහි සදහන් වූයේ නියමිත දින
පරීක්ෂණයට සහභාගී විය යුතු බවයි.
“ඉතින් ඔය ගොල්ලො පරීක්ෂණ ලියුමක් එක්ක ස්ථාන මාරු ලියුමක් ගෙනාවා නම්
වැඩේ කම්මුතුයි නේ?”
“ආ ... ආ .... ඔව් ඔව් එහෙම කළා නම් හරි තමා! නමුත් බෑණා අපේ යෝජනාවට
කැමති වෙයිද නැද්ද කියල දන්නෙ නැතිව කොහොමද ස්ථාන මාරු ලියුම හදන්නෙ?”
“හරි හරි තර්ක විතර්ක අවශ්‍ය නෑ. මං කොහොමත් කේසව මෙයා නො වෙයි
කියල කියන්නෙ අඟහරුවාදා මං ආ ගමන් ම අතට
ස්ථාන මාරු ලිපිය ලැබුණොත් පමණයි”