නියමිත
දවසේ පරීක්ෂණයට කන්තෝරුවට ගියා. මාමත් හිටියා. ලියුම දෙන පාටක් නෑ. ඔහු කීවා
මෙහෙම.
“පරීක්ෂණයට ගිහින් එන්ට. යනකොට ලියුම දෙන්නම්.”
මොවුන්
එකට එක්වී කරණ වංචාව ගැන සිතන්න අමුතු අටුවාටිකා අවශ්‍ය නැත. පරීක්ෂණයට ඉදිරිපත්
වුණා. පරීක්ෂණ නිලධාරී අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්න කළා.
“කව්ද මහත්තයගෙන් සල්ලි ඉල්ලුවෙ”
“කේසව කියන ලිපිකරු”
“මේ ඉන්නෙ එයාද?”
“නෑ එයා කන්තෝරුව ඇතුළෙ ඉන්නවා”
“මෙයා නො වෙයි.”
“නැත - නැත - නැත. ඔහු ඔහුගෙ පුටුවෙ ඉන්නවා උදෙත් දැක්කා.”
පරීක්ෂණය
අවසානයි. මාමට හරි ප්‍රීතියි. කේසවගේ අතට අත දෙමින් සුබ පතා ගන්නා අයුරු
පෙනෙයි. මාරු ලිපිය ලබා දීමට වගක් වත් නැත. මාරුව ගැන මතක් කිරීමේ දී මාමා කීවේ
“ඒක පස්සෙ බලාගමුකො බෑණා” කියලයි.
සිද්ධිය
සම්බන්ධයෙන් මාමා ඇතුළු පිරිස මගේ නිවසට පැමිණීමත් ඔවුන්ගේ ඉල්ලීමනුත් සඳහන් කර,
වැරැදි කරුවා කාර්යාලයේ සිටියදී නාදුනන පුදුගලයෙකු ඉදිරිපත් කර, පරීක්ෂණ නිලධාරී
මොහු කේසව දැයි විමැසීම දක්වා වූ සිදුවීම පිලිබඳ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ
දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පිළියමක් වශයෙන් බ. ධර්මපාල නැමැත්තෙකු
පැමිණ වග විභාගයක් කළත් කිසිදු ප්‍රතිඵලයක් අත් වුණේ නෑ. “වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසම්
ඒ අමාරුව.” යන පිරුළ සිහියට ගෙන මුනිවත රකින්නට සිදු
වුණා.
බස්
රථ අඹ වත්තක් අසළ නවතා ඇත . ඒ වන්දනා කරුවන්ට දොට්ට පිළට යාම පිණිසය. එකියක මා අසළ
ම ඇන බා ගත්තේ ‘පිට කවුරුවත්යැ අපේ අය නෙ’ කියමිනි. ඇතැමුන් වතුර බෝතල් ගෙන ගස්වලට
වසං වනු පෙනිණ. ගස් මතින් පියාසර කළ කුරුල්ලන්ගේ අසිරියෙන් මත් වූ එකියන් මෙන්
ඇතැම්හු හිටිදාරණයේම අවශ්‍යතා ඉටු කර ගත්හ.