246. ප්‍රින්සිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


වැටුපේ අවුලත් විසඳා ගනු සදහා දිනක කාර්යාලයට යාමට සිදු විය. කේසව සිටින්නේ දැයි විපරම් කළත් ඔහු නියමිත අසුනේ නොවීය. එබැවින් කාර්යාල සහායකුගෙන් ඔහු ගැන විමසන්නට සිදු විය.

හරිම කනගාටු දායක මරණයක්. අලියෙක් චප්පම කරලා ඔලුව. ඒක වෙලා තියන්නෙ දඩයමේ ගිහින්, කැට වලක රැකලා ඉදලා තියනවා; මිනිහට නින්ද ගිහින්.

හදවතෙහි විශාල ශෝකයක් ජනිත විය. පාහරයෙකු වුවත් මනුෂ්‍ය ආත්මයක් ලැබූ වෙකි. ඔහුගේ හත් දොහේ දානයට කළ සම්මාදම වෙනුවෙන් රුපියල් දහයක් පරිතයාග කර කේසවට දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවණින් සැනසීම ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කළා. තම තමන් විසින් කරණු ලබන කුශලාකුශලයන්හි විපාක ගොණුන් පසුපස එන කරත්ත රෝදය මෙන් හා සැරිසරණ සෙවනැල්ල වගේ නො කැඩී නොබිඳී අනුගාමික සිද්ධියක් බවට පත් වෙනවා කියල තියෙනවානේ. ඒ ගැන සිතා සන්තාපයට පත් සිත සැහැල්ලු කර ගන්නට හැකි වුණා.

ඉල්ලීමකින් හෝ සිහිකැදවිමකින් තොරව ඊළඟ පාසැල් වාරයේ සිට කලුකඹරෑව විදුහලට ස්ථාන මාරු කර තිබුණා. ඉතා ශීග්‍රගාමීව විශේෂ ප්‍රගතියකට පත් වෙමින් තිබුණ වීරපුර විදුහලෙන් යන්නට සිදුවීම මානසික වශයෙන් දරා ගත නොහැකි වූ සිද්දියක්. ගුරු - සිසු - දෙගුරු යන හැම අයකුගේම සහභාගීත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත් වුණා. සියල්ලන්ගේ ම එකම ඉල්ලීම වුණේ තවදුරටත් වීරපුරම රැදෙන ලෙසයි. ගමනාගමන දුෂ්කරතාව තදින් බලපවත්නා බැවින් අකමැත්තෙන් වුවද මෙම තීරණය ගන්නට සිදු වනබව මගේ කථාවේ හරය වුණා. කෙසේ වුව ද ඒ වෙන විටත් මා දෙදරු පියෙකු බව ප්‍රසිද්දියේ ප්‍රකාශ කිරීමත් සමඟ විදුහලේ නව යොවුන් වියේ පසු වූ කප්පරක් බලාපොරොත්තු තබාගෙන සිටි ගුරු මෙනවියන්ගේ සඳ කැළුම් විහිදු වන ලද වත පියුම් මැල වී ගියා. සියල්ලන්ගේ සිත් සතුටු කිරීමට මහා බ්‍රහම්මයාටත් බැහැ. එහෙවු එකේ මං පසුපස එන අයට මොනවා කරයි ද?

ඉද්ද ගසන ලද සේ පරක් තෙරක් නොදක්නා මහ මාවත වුවද කැරකී ඇඹරී යන මිලිනා සිරුරට තද වෙයි.  තිරිංග තද නොවූවත් ඇගේ ස්වභාවය කෙසේ හෝ සිරුරට කඩා වැදීමයි. වම් පාදයේ ඇඟිලි හා පිටි පතුලට උණ ගැනී ඇත. ඒ මිලිනාගේ දඟකාර පයෙන් කෙරෙණ පිරිමැදීම් හේතුවෙනි. විපුලේ මුව තුළට ඇටයෙන් ඇටය කඩල රිංගවමින් තෙරක් නො පෙනෙන කල්පනා සාගරයක අතර මං වී සිටී. බසයෙහි වූවෝ ඇතමෙක් නිදති - නිදි කිරති.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll