248. ප්‍රින්සිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


විපුලෙ වැඩියි ළමයිනුත් එක්ක තියන පයුරු පාසානම ...

මොකද්ද මං වැඩිපුර කළ දේ?”

ළමයින් එක්ක විහිළු කරකර ඉන්න එක

ඒක තමයි, ඔයා තරුණ නම් ඔයත් එක්ක මුකුළු කරන්නට තිබුණා. කරුමෙ කියන්නෙ ඔයා නාකි ලොම්බක්නෙ

‘ලොඹු කතාව’ පාසැල පුරා පැතිරෙන්නට වැඩිවෙලාවක් ගත වූයේ නෑ. විදුහල්පති සමඟ බිරිඳ පාසැලෙන් පිටවී යනු දක්නට ලැබුණා.

පසු දින විදුහල්පති ‘ලොඹු කථාව’ උදේ රස්වීමෙදී කියා පා, වහාම තම බිරිඳගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුත බව මට නියම කළා. නියෝගය පිළිපැදීම යුතුකමක්නේ. රැස්වීමේ ඉදිරියට ගොස් අවසර ගැනීම වන් පූර්වකෘත්‍යයන් නිම කර ‘ලොඹු කතාව’ට පිළි පන්නා.

ලොම්බ කියන පදේ නිරුක්තිය, නොයෙක් ශාබ්ධිකයන් විවිධ ක්‍රමයන්ගෙන් දක්වන්නට පුළුවන්; එහෙත් වඩාත් සමාජ ගත අර්ථකථනය තමයි එල්ලෙන - එල්ලා වැටෙන යන අදහස. අවලම්බ - ඕලම්බ - ලොම්බ කියන ක්‍රමයට තමයි මේ පදය සැකසී තිබෙන්නේ. උදාහරණ වශයෙන් ‘ලොඹු කට’ ගත්තොත් දත් වැටුණ නිසා එල්ලා වැටෙන කටක් කියන තේරුම ගෙන දෙනවා. ඒ වගේම ‘ලොට තන’ යන තැන ‘ලොට’ ශබ්දයත් ‘ලොම්බෙන්’ උපන්නක්. ලොට තන දෙකක් රෙදි පොටකින් වසාගෙනකියා අන්දරේ කීවෙත් ඒකයි. තවත් උදාහරණ දෙන්ට පුවන්. එත් මේ ඒකට කාලය නොවෙයි. විදුහල්පති තුමාගේ බිරින්දෑ තමන්ට ‘ලොම්බී’ කීමට එරෙහිව තමයි මේ උදෑසන රැස්වීමෙදී සමාව ගන්ට කියා මට නියෝග කළේ. ඒ නිසා මම මේ ලෝකයේ ඉන්න හැම ලොම්බෙකුගෙන්ම ලොම්බියෙකුගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.

ඉතිං මහත්තයා අපේ නෝනගෙන් සමාව ගත්තෙ නෑනෙ.

ලොකු මහත්තයා අහගෙන හිටියෙ නැද්ද මුළු ලෝකෙම ඉන්න ලොම්බියන්ගෙන් මම සමාව ගත්තනෙ.

එහෙම බැහැ අපේ නෝනගෙන් වෙනම සමාව ගන්න ඕනෑ.

හොඳයි අපේ ලොකු මහත්තයාගේ බිරිඳ වන ලොම්බිගෙනුත් මම සමාව ඉල්ලනවා.

ගුරු මණ්ඩලයයි ඉහල පන්තිවල ළමයිනුයි අත් පොඩි ගසමින් සිනා සෙන්නට පටන් ගත්තා. විදුහල්පති බිරිඳ සාරි පොටෙන් මුහුණ වසාගෙන කාර්යාලය තුළට ගියා. විදුහල්පති කෙස් ගිය හිස අතගාමින් සිටිනු දුටුවා. සෙස්සන් සුපුරුදු පරිදි තම රාජකාරිවල නිරත වුණා.

බිසෝ අක්කයි නීල අක්කයි දෙන්න හරිම හිතවත්. ඒ අය තම නිවසේ හදන සුළු කෑම බීමක් වුණත් ගෙනැවිත් දෙනවා. බනින්ට හිටපුවහම ලවක් දෙවක් නැහැ. උදේ රැස්වීම අහවර වී සියල්ලන් තම තමන්ගේ කටයුතු වල යෙදෙමින් සිටියදී අක්කලා දෙන්නා ළමයෙකු අතේ පණිවිඩයක් එවා තිබුණා හමුවෙන්ට කියල. මාත් ඔහේ ඕනෑවට එපාවට ඔවුන් හමුවන්න ගියා.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll