249. ප්‍රින්සිපල් ග්‍රේඩ් වන් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


“ඈ බොල මී හරකො, ඔය විදියට රැස්වීම් වල කතා කරනවද මුල් ගුරුවරයාටයි එයාගෙ බිරිදටයි විරුද්දව.” බිසෝ අක්කා පටන් ගත්තා.

“මට හිතුණා එතැනම දෙකක් අනින්ට මෝඩ නාම්බට” සීලක්කා අත්වැල ඇල්ලුවා.

“හරි හරි මං පිළිගන්නවා කියපුවා ටිකක් සැර වැඩියි කියල.” මං එහෙම කීවා.

“ඇත්තටම වෙච්ච සන්ගෙඩිය කියාපන්” ඒ බිසෝ අක්කා.

ලොකු නොනගේ උපදේශයන් ඊට දක්වන ලද ප්‍රතිචාරයත් අකුරක් නෑර කියා හිටියා.

“බලාගෙන යනකොට එහෙම නොකියා බෑ තමයි. ළමයි ඔක්කොම කියන්නෙ විපුලසේන මහත්තයා හරි හොඳයි කියලා.”

“මගෙ අප්පච්චී කියන තැනකට වදින්නං. මීට පස්සෙ ඔය වගේ අංකර අල්ලන්ට යන්න එපා. මේක අපේ ගම - අපේ ඉස්කෝලෙ - අපේ ළමයි. ඒක හොඳට හිතේ තියාගෙන වැඩ කරපන්” බිසෝ අක්කා අවවාද කළා.

ලොම්බියි ලොම්බිගෙ මහත්තයයි දෙන්නා මාරු වෙලා ගියා. ඊළඟට ආවේ තද නීති කාරයෙක්. මට ළඟට නෑයොත් වෙනවා. ශාලාවේ ම කොටසක් ගුරු නිවාසයට ගෙන තමයි රාජකාරී කළේ. නෑදෑ කම මුල් තැන තබා ඔහුගේ නිවසේ ආහාර පාන කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අනාරාධනයෙන් කා දැමීම මගේ සිරිත වුණා. යම් යම් ප්‍රශ්න වලට ආහාර ගනිමින් සිටියදී ම දෙන්නා තර්ක විතර්ක කළා. දොස් පරොස් කියා ගත්තා.

මාණ්ඩලික නිවාසාන්තර ක්‍රීඩා තරග හා ඊට අනුබද්ධව අභිමානවත් උත්සවයක් පවත්වන්නට විදුහල්පති රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඊට කලුකඹරෑව පාසැල වෙනුවෙන් නියෝජිතයෙක් යවන්නට ගුරුමණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වුණා. සෙසු ගුරුවරුන් විවිධ දුෂ්කරතා ඉදිරිපත් කරමින් නියෝජිත කම ප්‍රතික්ෂේප කළා.

“එහෙම නම් අපේ පාසැල වෙනුවෙන් විපුලසේන මහත්තයව යවමු.” ඒ විදුහල්පතිගේ යෝජනාවයි.

“ඒක හොඳයි, එයා හිටියත් ලොකු මහත්තයෙක් එක්ක ඇර ගන්ටමනෙ එන්නෙ.”

“මොකද විපුලසේන මහත්තයා කියන්නෙ” ඒ විදුහල්පතිගේ ප්‍රශ්නයයි.

“මට උලත් එකයි පිලත් එකයි. ආවෙ රාජකාරියටනේ. රාජකාරී වශයෙන් ඕනෑ දෙයක් ඔට්ටුයි”

“එහෙම නං මුල් රැස්වීම බදාදට ඉළුප්පල්ලමේ තියෙනවා”




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll