“හරි මං යන්නං”
ඇඟට
තද වී නිදා සිටි මිලිනා දෑස් පොඩි
කරමින් ඈත මෑත බැලුවාය. ඇයට අන්දුන් කුන්දුන් වූ සෙයකි.
“අපි මේ කොහි හරියද යන්නෙ?”
“කඩවත පහු කෙරුවා – පෑලියගොඩට ලඟයි.”
“ඉන්දියාවෙ වන්දනාව ඉවරයිද?”
“ඉවරයි නේන්නම්, ප්ලේන් එකේදි ඔයාට කලාන්තයක්
හැදුණා”
“මට නං මේක හීනයක් වගේ .... අප්පෝ කියන බොරුවක මහත .... මේ ඉන්නෙ නඩේ
ඔක්කොමලා යි කියමින් ඇගේ සුරතින් ආදර සංග්‍රහයක් කළා.”
“මට හරියට දුක හිතුණා ...”
“ඇයි අර?”
“ගමන ඉවර වුණා - ඔයා දාලා යන්ට වෙයි කියල ...”
“ඕක මට නොවෙයි අර ඉන්නෙ විපුලෙට කියනවකෝ ...”
“කියන්ට ම වැඩේ - ගල් ඉබ්බා!”
මේ
වන විට මිලිනා ඩොලර් සියයක හමාරක බඩු
මුට්ටු විපුලෙගෙන් ලබා ගෙන ඇත. මෙතෙක් මාගෙන් ඇයට මුරුක්කු පැකැට්ටුවකට වඩා
වැඩි දෙයක් ලබා ගත නොහැකි විය. බසයේ සිටි කෙල්ලන් දෙදෙනා බිස්කට් බෙදනු පෙනේ. මිලිනාගේ අතින් සැකසුන උණුසුම් බොතලයේ තේ
අප පානය කළේ සියල්ලන්ටම හොර රහසිනි.
දඔදිව
වන්දනාවට දැනට දින 07 ක් ගතවී ඇතත්, මිලිනාගේ ආදර සංග්‍රහයනට අමතරව ගමනෙන්
කිසිදු ප්‍රීති ප්‍රමෝදයක් ලැබී නැත. දෙදිනක සීල සමාදානයක් ඊට ම සංඝගත දක්ෂිණාවන්
දෙකකුත් ඇතළත් විණි. ඒවා ලංකාවේම කරන්නට පහසුකම් තිබියදී විශාල ධනයක් වැයකර
පැමිණි චාරිකාවේ දී කාලය අපතේ හැරීම නො සුදුසු බව විපුලෙ සංවිධායක සමඟ තර්ක
කළේය. එය ආර්ථික ලාභය උදෙසා ගන්නා එක්තරා ක්‍රියා මාර්ගයක් බව, නිතර මෙම ගමන් වලට
සහභාගී වන - ඒ මතින් සාරි සරොම් වැනි දෑ ගෙනවුත් ජාවාරම් කරණ අයකුගෙන් දැන ගන්නට
ලැබිණි. සංවිධායක වරයාට වන්දනා කරුවන් දහ දෙනෙකු සොයා දුන්නොත් තමන්ට නොමිළයේම ගමන්
ගත හැකි බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. බුදුන් උගසට තබා ගරණ ගැරලි කොතැනටත්
පොදු බවට එය සාක්කියකි.