දේශපාලන
භූමියේ ඡන්දාපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වන
අය පතාරන් බැනර් වල අරකගෙ ආශීර්වාදයෙන් මේකගෙ ආශිර්වාදයෙන් තමන් නම් කෙරුණ බව
දැන්වීම අද සුලභ දර්ශනයක්. විදුහල්පති වරුන් හා ක්‍රීඩා ගුරුවරුන්ගේ එකමුතුවෙන්
පවත්වන්නට නියමිත මාණ්ඩලික ක්‍රීඩා තෑගි සංවිධාන කමිටුවේ ලේකම් ධූරයට පැමිණ සිටි
සියල්ලන්ගේ ඒකමතික ඡන්දයෙන් නොව ආශීර්වාදයෙන් මාව පත් කර ගත්තා.
ජවන
හා පිටිය මළල ක්‍රීඩා ඒ ඒ පාසැල් මට්ටමින් පවත් වන්නටත් ආචාර පෙළපාළිය හා සරඹ
සන්දර්ශනය මණ්ඩලයට අයත් පාසැල් 17 ම එකමුතු වී එකම ඉසව්වක්
වශයෙන් පවත් වන්නටත් නම නියම කර ගනු ලැබුවා. ආචාර පෙළපාළිය ස්වේච්ඡා හමුදා
නිළධරයෙකු වශයෙන් රාජකාරී කළ ගරුභවතෙකුටත් සරඹ සන්දර්ශනය ක්‍රීඩා පුහුණු
ගුරුභවතෙකුටත් පැවරුණා. ක්‍රිඩා සංවිධානයෙහි නිරත ගරුවරුන්ගේ ලෙඛනයක් ඒ ඒ
විදුහල්පති වරුන්ටත් ප්‍රධාන අධ්‍යාපන නිළධාරියාටත් මාණ්ඩලික අධ්‍යාපන නිළධරයාටත්
යැව්වේ රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන්.
ආරාධනා, ලිපිලේඛන, පිටිය සැකසීම්, සංග්‍රහ, උකරණ වැනි අත්‍යවශ්‍ය අංගෝපාංගයන්
වෙනුවෙන් දින කීපයක් වෙන් කෙරුණා. කොයි දේට උණත් වැටුප් ගන්ට ඕනැ නේ. නියමිත දිනයේ
ගියා පාසැලට.
“මොකද විපුලෙ මේ පැත්තේ?” ගුරු මණ්ඩලයට
වැටුප් ගෙවන්නට මූලික කටයුතු කරමින් සිටි
විදුහල්පති විමසුවා.
“පඩි ගන්ට”
“ඔයාට මෙහෙ පඩි නෑනෙ”
“ඇයි?”
“මේ ඉස්කෝලෙ නො වෙයිනෙ ඉන්නෙ”
“මං මේ ඉස්කෝලෙ නැති බවට තියෙන සාක්කිය පෙන්වන්ට”
“මාණ්ඩලික තරඟ කමිටුවෙන් ලියුමක් එවල තිබුණා”
“ඒකෙ තිබුණ ද මං මේ පාසැලෙන් මාරු වෙලා ගියා කියල. මාණ්ඩලික තරඟ කියන්නෙ
අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්ගේ නියමයෙන් කෙරෙණ රාජකාරියක්. ඕවට සහභාගීවන ජනාධිපති
අගමැති ඇමති මැති ඉඳල ඔය කොයි කොයි නිලධරයටත් සියලු සැප පහසුකම් ආරක්ෂාව බටා ඇතළු
සෑම වරප්‍රසාදයක්ම හිමි වෙනවා. ඒත් විදුහල්පති වරුන්ටයි ගුරුවරුන්ටයි ඔය එක
කෙහෙල්මලක් වත් නෑ. අතින් කාල හරක් බලන්ට ඕනෑ. ගෙදරින් බත් එකයි සාක්කුවේ
පනං අටෙන් බස් ගාස්තුවයි තේ වියදමයි. හරියකට කෑමක් බීමක් නා ගැනීමක් නැතිව රෑට රෑ
වෙනකල් වැඩ. ඒ මදිවට මෙතෙන්ට ආපුවහම පඩිත් නෑ” කියපු ගමන්
ම මොකක් ද දන්නවද මං කළේ?
“පැනපු ගමන් දුන්නා සබ්බුව” ඒ මම.