252. Grade One ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


නෑ ඒකෙන් වෙන නීතිමය කාරණාවක් ඇති වෙනවනේ. මං කළේ මේසෙ උඩ තිබුණ සල්ලි මිටි කීපයක් අරගෙන මගේ වැටුප පමණක් ගණං කරල ගත්තා. මහත්තයට පඩි ඕනෑ නම් මගේ පඩිය හදලා අර ගන්න. නැත්තම් අයිනකට ගිහින් ... ... ...”

එතැන සිටි කීප දෙනාත්, සද්දෙට ආ අයත් තුෂ්ණිම්භූතව සිටියත් බැහැර දී කීවේ ඕකට ඔහොම කියල මදි.

මේ ගොන් නාම්බට අපි බනින එකත් වැරදි කියල හිතෙනව එක අතකින් බලාගෙන යනකොට.යි බිසෝ අක්‌ක කීවා. “ඒකත් ඇත්තයි” සීල අක්කා හූ මිටි තැබුවා.

ප්‍රදේශයේ එතෙක් නො පැවතුන ආකාරයේ මාණ්ඩලික ක්‍රීඩා තරඟයක් මෙන් ම ඊට අදාළ වන උත්සවයක් පැවැත් වුණා. අසීමිත සේනාවක් රැස්වුණා පමණක් නොවෙයි සෑම අයෙකුටම නිදහසේ තම අවශ්‍යතාවන් ඉටු කර ගනිමින් උත්සවයට සහභාගී වෙන්ට ලැබුණා. මේ උත්සවයේ ප්‍රධානත්වය ගන්නේ දිස්ත්‍රික් ප්‍රධාන අධ්‍යාපන නිලධාරි. ඔහු උත්සව සභාව අමතමින් වර්ණනා කළේ මාණ්ඩලික අධ්‍යාපන නිලධාරියි විදුහල්පති වරුන් පමණයි. දවස් ගණනක් කට්ට කාගෙන සැබෑ මහන්සියක් ගත් සංවිධායක වරුන් ගැන අල්ප මාත්‍ර වූ හෝ සඳහනක් කිරීමට ඒ ගොන් තඩියාට බැරි වුණා. සංවිධානයේ සිටි එකෙක් දෙන්නෙක් දත් මිටි කෑවා. විමලරත්න කියා අපේ කොල්ලෙක් හිටියා මූ එක පාරටම අතුරුදහන් වුණා.

උත්සව සභාව අවසානයි. පැමිණි නිළ අමුත්තන්ට විශේෂ තේ පැන් සංග්‍රහයක් සුදානම් කර තිබුණා. ඒ බව යකඩ කටෙන් ප්‍රචාරය කරමින් අමුත්තන්ට ප්‍රධාන ශාලාවට සැපත් වෙන ලෙස නිවේදකයා ඇරැයුම් කළා.

සංග්‍රහයට ගියෝ ගිය පයින්ම ආපහු හැරෙති. අයෙක් වට පිට බලති. කෙනෙක් වෙන ශාලාවකට එබිකම් කෙරෙති. ආයතන භාර විදුහල්පති වරයා පිම්මේ එනු පෙනේ.

විපුලසේන මහත්තයා` විපුලසේන මහත්තයා!විදුහල්පති දුර සිටම මොර දෙමින් එයි.

ඇයි ලොකු මහත්තයා?විපුලෙ අසයි.

කෝ අර අමුත්තන්ගෙ සංග්‍රහයට සූදානම් කළ ඒවා ...

මං කොහොමද දන්නෙ?”

ඇයි මහත්තයලනේ සංවිධාන කටයුතු කළේ?

මොනවා අපි සංවිධාන කටයුතු කළා. මොන පිස්සුද ඇයි අර හොතම්බුවා කීවේ මා.අ.නි.යි විදුහල්පති වරුනුයි මේ සංවිධානය කළේ කියල. ගිහින් ඒ ගොල්ලන්ගෙන් අහගන්ට. නිකං අපි උඩට නගින්නෙ නැතිව ...

බඹරයක් සේ කැරකුණ විදුහල්පති වෙව්ලා යනු පෙනුණි.

විමලය ආව ඈත සිටම හිනැහී ගෙන. වැඩේ දුන්නා තිතට. දැන් විදපල්ලා තේ පැන් සංග්‍රහය ඔහු කියයි.

මොකද්ද බං කළේ?මං ඇසුවා.

පොඩි පන්ති වල ළමයින්ට කීවා ඔක්කොම කන්ට කියල. උනුත් ඉතින් මොකද විනාඩි දෙකක්වත් ගියේ නෑ පුල් සුද්දෙ.

ඒ ගැන ආය වචනයක් වත් එපා. සංවිධාන කටයුතු වලට පිටින් ඉල්ලා ගෙන ආ සෑම භාණ්ඩයක්ම එකතු කරලා ගිහින් බාර දෙමු. අනිත් ඒවා සංවිධායකයන් බලා ගන්නෙ නැතෑ!” මං එහෙම වැඩ කටයුතු වලට සහභාගී වූ සොයුරන්ට කීවා.

ගොංමං වැටෙන වෙලාව වෙනකොට අපේ සියළු කටයුතු අවසානයි. කාර්යාලයේ නියුක්ත වූවන් නා කියා ගැනීමෙන් අනතුරුව බෝතලයක් සුද්ද කළා.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll