253. Grade One ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


කළ සේවාවන්ට ගරු කිරීමක් වශයෙන්ද  නැත්නම් පළි ගැනීමක් නිසාදැයි දන්නේ නෑ ප්‍රදේශයේ අභිසම්මත විදුහලකට ස්ථාන මාරුවක් ලැබුණා. බුලත් කහටින් දුර්වර්ණ වූ දත් ඉතා බාල වර්ගයේ රෙදි වලින් මැසූ කමිසයකින් හා කලිසමකින් වැසුණ ගත හා රබර් සෙරෙප්පුවකින් වැසුණ පා ඇතිව ගරු ගාම්භීරව ආසනාරූඪ වී සිටි විදුහල්පති ඉදිරියේ පෙනී සිටියේ අළුත් ස්ථාන මාරුවට අනුව වැඩ භාර ගැනීමටයි. ගුරුවර ගුරුවරියන් අවුත් භය පක්ෂපාතිත්වයෙන් යම් යම් උපදෙස් ලබා ගන්නා අයුරුත් ආපසු යාමේදී බඹ කීපයක් පසු පසින් ගොස් හැරී යාමත් දැකීමෙන් ම එතැන තත්වය මැනවින් දැන ගත්තා. විදුහල්පති වරයා මා දෙස නොරුස්නා බැල්මක් හෙළා, අනතුරව දෑසින් හා විප්‍රකාර කළ මුවෙන් පැමිණි කාරණය විමැසුවා. ඔහු එසේ නම් මාත් පිළිතුරු දිය යුත්තේ ඊට අනුවනේ. ස්ථාන මාරු ලිපිය සමග එයට යා කර තිබුණු අධ්‍යාපන කාර්යාලයට ගණකාධිකාරී ඇතුළු යැවිය යුතු පිටපත් සමග දිය යතු දේ දුන්නා.

රාජකාරී ක්‍රමය ගැන යම් දැනුමක් ඇත්තෙකු බව දැනුන නිසා දෝ පැවති ගර්වයේ යම් කැළඹීමක් දැක්කේ ඔහුම අත්සන් පොත මේසය මත තැබීමෙන්. පොත අත්සන් කිරීමට ඔහුගේ පෑන අතට ගත්තා.

මහත්තයා දන්නෙ නැද්ද පෑනක් ගෙන්ට ඕනෑ බව ...

“මේක මගේ පුද්ගලික කටයුත්තක් නොවෙයි නේ. මේක රාජකාරියක්. රාජකාරියට අවශ්‍ය ආම්පන්න ආණ්ඩුවෙන් දෙනවා. තව ළමයිගෙනුත් ගාස්තු අය කරමින් බිල් දානවා. මේ තියන්නෙ මගේ පුද්ගලික පරිහරණයට අවශ්‍ය ඒවාකියමින් කලිසම් සාක්කවේ තිබුණ පෑනක් හා පැන්සලක් පෙන්නුවා.

මහත්තයට කරන්න පුළුවන් විෂයන් මොනවාද?”

සිංහල පුළුවන්, තව පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය, මාගධී, අර්ධ මාගධී, පෛශාචී, සෞරසේණී, අපබ්‍රංස, වුණත් ප්‍රශ්නයක් නෑ

විදුහල්පති දෑස් උඩ යමින් තිබේ. අසළ මේසයක කිසියම් කටයුත්ත නිරත වී සිටියෙක් හාවක් හූවක් නැතිව බලා සිටී. කාර්යාල කාර්ය සහායක ගැටුමක් වළක්වා ගනු වස් සූදානමින් සිටින අයුරක් පෙනේ.

උගන්වන්නට පුළුවන් පන්ති?”

මෙකෙ තියන්නේ හයේ ඉදල දහතුන දක්වා නේ. ඕනෑම එකක්”

හොදයි හෙට කාල සටහන දෙන්නම්

ස්තුතියි!

ආපණශාලාවට ගොස් වඩයක් හපා තේ වීදුරුවක් බී ගුරු විවේකාගාරයට ගියා. ජැණ්ඩිපහට හැද පැළඳගත් ගුරු පිරිසක් තමයි එතැන හිටියේ. කිසි කෙනෙක් මං ගැන සැලකිල්ලක් දැක් වූයේ නෑ. “කොහේ ඉදන් පාත් වුණා ද දන්නෙ නෑ. කව්ද මේ හඩ්ඩා.” ඒක තමා එතැන හිටිය තරුණ පහේ උදවිය කරපු අදහස් දැක්වීම් වල සාරය.

එදා ගෙදර ගියා. හවස් යාමයේ මගේ හිතවත් සහෝදරයෙක් ආවා මාව මුනගැහෙන්ට. ආගිය පුවත් කියා හමාර කර ඔහුගෙන් විමසුවා පැමිණි කාරණය.

මල්ලී අද අපේ ඉස්කෝලෙට ගියාලු නේද වැඩ බාරගන්නට?”

ඔවු අයියා

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll