“හැබැයි මලේ ප්‍රින්සිපල් කාරයා හරිම වසයි. ප්‍රසිද්ධියේ ම ගුරුවරුන්ට
බනිනවා. බොහොම පරිස්සමින් තමයි වැඩ කරන්ට ඕනෑ. මිනිහා මහ දරදඩු කෙනෙක් ගුරුවරුනුයි
ළමයිනුයි පාගාගෙන ඉන්නෙ”
“හරි හොඳයි නෙ. මටත් ඕනැ එහෙම අයත් එක්ක හැප්පෙන්ට”
“අදත් ටිකක් කතාව ගියා කියල ආරංචියි. අද මං වැඩට ගියේ නෑ. ඔපීස් එකේ වැඩ
කරණ විල්මන් තමයි මට කිව්වෙ ටවුමෙදි හම්බ වෙලා.”
“ඕව මං ගණං ගන්නෙ නෑ අයියෙ. නීතියට රෙගුලාසියට එරෙහිව නියෝගයක් කළොත්
එල්ලෙන්ට එරෙහිව ආවොත් දමල අනිනවා හොම්බ රිවෙට් වෙන්ට.”
“උඹ හොඳ වැඩියි මල්ලි. අපිට තියෙන්නෙ
වැල යන අතට මැස්ස ගහන්ට”
“ඒක මගෙ න්‍යාය නොවෙයි අයියා. මං නීතියට එකගයි. නමුත් ඊට වඩා සලකන්නෙ
යුතුකම ගැන. විදුහල්පති කියන්නෙත් ගරුවරයෙක්. එයා ආයතන ප්‍රධානියා. ඒත් ලොක්කා
කියන මාන්නයෙන් අනිත් එවුන් පාගනවා නම්, මුදුනා වෙන්ට දඟලනවා නම් ඊට මගෙන් සහනයක්
නෑ.”
“නෑ මං කීවෙ ඉස්කෝලෙ යම් ප්‍රශ්නයක දී මට පැත්තක් ගන්ට බැරිවෙන නිසා”
“අපොයි එපා මගෙ පැත්ත ගන්ට එපා. හරි පැත්ත ගන්න”
“මල්ලි මේකනේ වැඩේ, ප්‍රින්සිපල්ට ඕනැ මුදුනා වෙලා අනිත් අය පාගා ගෙන
ඉන්ට. ඒත් පාසලේ කාල සටහනවත් හරියට කියාත්මක වෙන්නෙ නෑ. ගුරුවරුන් තැන් තැන්වල ඕප
දූප කතා. බොහෝ දෙනෙක් දේශපාලන ගැත්තො. ඒවට විරුද්දව ගිය කෙනාට වෙන්නෙ මාරු වෙලා
යන්ට. නැත්නම් මාරු කරණවා.”
“කෝක වුණත් කමක් නෑ. ළඟපාත පහසුව කියල මගේ හිතට නො ගැලපෙන දෙයකට විරුද්ධ
නොවී ඇස් කන් පියාගෙන බලා ඉන්ට බෑ. අයියා මං ගැන වද වෙන්ට එපා. කොයි දේ වෙනනෙත්
මිනිසුන්ටනේ”
“හොඳයි තව ටිකක් කල්පනා කර බලන්ටකෝ” යි කියමින්
ඔහු පිටව ගියා.