විදුහල්පති
විපුලසේන මහතා එහෙ මෙහෙ පනිමින් විශාල ව්‍යායාමයක යෙදෙන අයුරක් පෙනේ. ඔහු
කර ඇත්තේ රාත්‍රි නවාතැන්පලේ කාමර මාරුවකට උපක්‍රම යෙදීමකි. උපක්‍රමය සාර්ථක වී ඇත.
එහෙත් එහි ප්‍රථිඵලය වශයෙන් අධික සීතෙන් හා මදුරුවන්ගෙ බැටයෙන් පීඩා විඳින්නට සිදු
වූයේ මාහටය. මිලිනාට මගේ ඇඳ පැවරීමත් මිලිනාගේ ඇඳ මට දීමත් එහි සිදු වූ මාරුව
වුවත්, වල පයයි ගොඩ පයයි තබා ගෙන සිටි නාකි වහන්තරාවක් සමග කාමරය බෙදා
ගන්නට මම නො කැමති වීමි. මේ හෙයින් ඇඳ ඇතිරිල්ලක් එලා ගෙන දුක් නින්දක පහස
විඳින්නට නො කැමැත්තෙන් වුව සිදු විය.
රාත්‍රි
ආහාර ගැනීමෙන් අනතුරුව මිලිනා මා සොයා
ආවාය. පයේ මාපට ඇඟිල්ලෙන් ටයිල් මත ඉරි අඳින්නට ඇය පටන් ගත්තේ විසි එක් විය පසු
කරමින් සිටි තරුණියෙක මෙනි.
“ඔයා තරහයි ද?”
“ඇයි මොකට ද?”
“මං අරයගෙ කාමරයට යනවට”
“මගෙ මොකෝ තමන්ගෙ මැට්ටන් තම් මැට්ටන්”
“ඔය තරහෙන් කියන්නෙ ...”
“එහෙනං මං මෙහෙම කියන්නං අනේ පිංවත් කුමාරිකාවනි. අද තුන්යම් රත්‍රිය
මුල්ලේ විපුලෙ කුමාරයාගේ ශ්‍රී යහන් ගබඩාවෙහි ගත කරණු මැනවි ...”
“ඇත්තටම ඔයාට මං ගැන අදහසක් නැද්ද?”
“මොකෝ නැතව”
“එහෙනම් ...”
“අනේ අනේ මේ මට ඔයා ගැන අදහසක් තියන්නෙ ආශ්‍රයට හොඳ කෙනෙක්, නිහතමානියි
විශ්වාෂවන්තයි වගේ කරුණු ගැන මිසක් මඟුල් නටන්ට නොවෙයි.” කියමින් ඇගේ කණට කර රහසක්
කීවෙමි.
“ඉකේයියා තියන වල්කම”