පසු
දින රාජකාරියට පාසලට ගියා. මෙන්න බොලේ අත්සන් පොතට එල්ලලා බෝල්පොයින්ට් පෑනක්. පෙර
දින අත්සනට පෑනක් නැතිකම ගැන පැවති කතා බහ තුළින් ලද ප්‍රතිචාරය එයට හේතුව බව මගේ
යටි හිත කීවා. කෙසේ වුවත් එකා දෙන්නා බැගින් අවුත් අත්සන් කර කාර්යාලයෙන් පිට වී
ගියා. විදුහල් බිමේම ඇති නිල නිවාසයේ සිට විදුහල්පතිත් බිරින්දෑත් සැපත් වූයේ
සියල්ලන්ව ම පසුවයි. ඒ අනුව අත්සන අවසානයේ යෙදිය යුතු වුවත් ඔවුන්ගේ අත්සන් තිබුණේ
1-2 වශයෙනි. එයත් හිතට තදින් ම කා වැදුණා.
“මිස්ටර් විපුලසේන” ඒ විදුහල්පතිගේ හඬයි.
“සර්”
“ඔයාට මං දෙනවා 10-11-12-13 පන්ති වල සිංහල.
හැබැයි තාවකාලිකව. හිටපු කෙනා මාරු වී ගියා. නැවත කාලසටහන හදද්දී සංශෝධනයක් වෙයි.”
මට
නො පෙනෙන නියාවෙන් අන් අයට ඉඟි පාමින් විදුහල්පති කීවා. “දෙන්නම් උඹට බැටේ” යන්න ඒ ඉගියෙහි ගැබ් වී තිබිණි.
ඒ වන විට මගේ වයස 12-13 ශ්‍රේණිවල සිටි සිසුන් අතර පරතරය
අවුරුදු හය හතකට වැඩි විය නො හැකියි.
“තව එකක්” විදුහල්පති කියයි.
“මොකක්ද ඒක?”
“අද උදේ රැස්වීමෙදී මං ඔයාව ළමයින්ට හදුන්වා දෙනවා. ඊට ප්‍රතික්‍රියාවක්
වශයෙන් විනාඩි පහක කතාවක් කරන්ට ඕනෑ. පුළුවන්ද?”
“හොදයි මං ඉතින් ඔය මොනව හරි
කියන්නම්”
සීණුව
වැදිණ. සිසුහු උදේ රැස්වීමට කොඩි ගස වටා රැස්වෙති. 87 දෙනෙකු
පැමිණීමේ ලේඛනයෙහි අත්සන් යොදා තිබුණත් රැස්වීමට සහභාගී වී සිටියේ අට දෙනෙක්. ආගම
සිහිකිරීමෙන් පසු විදුහල්පති දිනයට නියමිත නියෝග නිකුත් කළා. ඊට පස්සෙ තමයි මාව
හඳුන්වා දුන්නේ.
“මේ
පාසැලට අලුතෙන් ගුරු මහත්මයෙකු ආවා ඊයේ. උන්නැහේ බොහොම පිටිසර තැනක ඉඳලයි ආවේ. 10-11-12-13 ශ්‍රේණිවලට සිංහල උගැන්නූ සිරිමෙවන් මහත්තයා මාරු වී ගිය නිසා
මේ අලුත් මහත්තයට ඒ පන්තිවල සිංහල විෂය භාර කරණවා. විපුලසේන මහත්තයට වචන
කීපයක් කතාකරණ ලෙස ආරාධනා කරනවා ...”
මට
මුල ඉඳලම තේරුණා මෙයාට ඕනැ කරන්නේ සිසුන් අතරත් මං ගැන වැරදි ආකල්පයක් ඇති කිරීමට
බව. වේදිකාවට නැංගාට පස්සෙ දැක්කෙ ඉහළ පන්තිවල ළමයි අවඥා සහගතව හිනා වෙන හැටි.
පටන් ගත්තා මෙහෙම කන්ද උඩ දේශනය.