258. Grade One ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


(සාමාන්‍යයෙන් මගේ කට හඩ හරි සද්දයි. පන්තියක උගන්වන කොට අහළ පන්ති හත අටක ගුරුවරුන්ට හරි ප්‍රශ්නයක්. එක්කෝ ඒ අය ළමයින් අරගෙන ගහක් ගාවට යනවා නැත්නම් මං යනවා. ගණිතය විද්‍යාව වගේ විෂයන් කරද්දී කළු ලෑල්ල ඇතුළු පන්ති කාමරයක අවශ්‍යතාව මා දන්නා බැවින් මං ම තමයි වැඩි හරියක් ළමයින් පිටතට ගෙන යන්නේ.)

අලුත් දවසක් වෙනුවෙන් උදා වූ රිවි කිරණින් නැහැවුණ මේ උදෑසන සුදෝ සුදු වතින් සැරසී එවන් පිරිසිදු සිත් සතන් සහිතව රැස් වී සිටින මගේ  ආදරණීය පුංචි නංගිලා මල්ලිලාගෙන් අවසරයි!

ගුරුවරයෙකු විසින් පාසලක ශිෂ්‍යයන්ට ‘නංගී’ ‘මල්ලී’ යනුවෙන් ඇමතීම නො පණත් ක්‍රියාවක් වශයෙන් ඇතැමුන්ට පෙනෙන්ට පුළුවන්. නමුත් මේ පැසැලේ දී ඒ ඇමතුම මා සාධාරණී කරණය කරන්නේ සුවිශේෂී හේතු පාඨයක් නිසයි. මා හඳුන්වා දීමේදී විදුහල්පති තුමා ප්‍රකාශ කළා මං බොහෝම පිටිසර තැනක ඉඳලයි ආවේ කියා. විදුහල්පති තුමාට මං මතක් කර දෙන්ඩ කැමතියි මේ ඉන්න ශිෂ්‍යයන්ගෙන් සියයට අනූනවයක්ම හද්ද පිටිසර බව.  කොණ්ඩය බැදපු අප්පෙකුගේ කණ අත්සන ගැසු මළ පොතේ අකුරක් නොදත් අම්මෙකුගේ පුතෙකු වශයෙන් හද්ද කැලෑ ගම් පොජ්ජකින් මංගැච්චූ මේ පාසැලේම අකුරු කළ ආදි ශිෂ්‍යාවන්ට දූ දරුවන් නො කියා නංගි මල්ලී කියා ආමන්තණය කරන්නට ලැබීමත් මට මහත් අභිමානයට කාරණයක්.”

(සිසුන්ගේ දෑත් පොඩි වලින් නැගුන අත් පොළසන් හඩ තවම දෙකන තුළ දෝංකාර දෙයි. උදේ රැස්වීමට ආරම්භයේ පැමිණ සිටි ගුරු සංඛ්‍යාව අටක් වුවත් කොරිඩෝව දිගේ දැන් හැට හැත්තෑවක් රැදී සිටී.)

“දයාබර නංගී මල්ලී!

මට උසස් නිලධරයෙක් නියෝග කරණවා අසුවල් තැන රැස්වීමක් තියෙනවා එතැනට යන්න කියල. මගේ වත්කමේ හැටියට ඒ රැස්වීමට සහභාගී වෙන්ට මට පුවන් කම තියෙන්නේ අමුඩයක් ගසා ගෙන පමණයි. ඉතින් මාත් තදට ඉඟටි ලණුව බැඳල දාවල්ල සහිතව අමුඩයක් ගහගෙන යනවා රැස්වීමට. මූලාසනයේ සිටි කෙනාගෙ මුහුණ දැක්කෙ නෑ මොකද එයා චක්‍රලේඛණ වගයක් බලමින් හිටියේ. අනවශ්‍ය විදියට විදුලිය ආලෝකය දී තිබුණ නිසා හරි හැටියට යමක් කමක් දැක ගන්ට ලැබුනෙ නෑ. නමුත් ගැහැණු පිරිමි හැම දෙනාම හිටියේ දෑත් බැදගෙන. මං ශාලාවට ගියා. ගියා තමයි හිටපු අය කෑ ගහන්ට පටන් ගත්තා. ගොඩයා, පිටිසරයා, පිස්සා, මෝඩයා, වගේ වචන කියමින්. ඊට පස්සෙ කඩදාසි ගුලිවලින් ගහන්ට පටන් ගත්තා, ආසන වලින් නැගිටලා. දෙයියෝ සාක්කි හිටපු ගැහැණු පිරිමි රොත්තම හිටියේ අමු හෙළුවෙන් නිර්වස්ත්‍රව. මූලාසනයේ හිටිය කෙනෙක් මොකද මොකද කියමින් අසුනෙන් නැගිට්ටා. බුදු සන්තෝ ඒකත් හෙළුවෙන්.”

(ළමයින්ගේ සිනාසීම එක දිගට ගලා යයි. ගුරුමණ්ඩලයේ ඇතැමුන් සිනාසුනත් ඇතැම්හු හිස බිමට නැඹුරු කරගෙන සිටිත්. විදුහල්පතිට මේ උදෑසන දහඩිය දමන බවක් පෙනේ.)

“ආදරණීය සහෝදර සහෝදරියනි!

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll