මං
කීවේ හිනා වෙන්ට දෙයක් නොවෙයි; අප විසින් ම සොයා බැලිය යුතු නිරීක්ෂණය කළ යුතු ඇතුළාන්තය
ගැනයි. අපි ගමක් ගැන හිතමු. වෙර වීර්යය ධෛර්යය ඇත්තෙක් ගොවිතැන් බත් කරලා ඒවා වන-සතුන්ගෙන්
රැක ගෙන අටු කොටු පුරවා ගන්නවා. කුසීත කම්මැලියා ඒක දිහා බලලා කියන්නේ ‘ඒකා ගල්
කනවා’ කියල. නමුත් ඒ මාර්ගයේ ගිහින් දියුණු වෙන්න උත්සාහ ගන්නෙ නෑ. අපි පන්තියක්
දිහා බලමු. ළමයෙක් පොත්පත් බලමින් නීට් එකට ඉගෙන ගන්නවා. එයාට අපි අවඥාවෙන් කියනවා
‘පොත් ගුල්ලා’ කියල. ගුරුවරයෙක් සටහන් උපකරණ ඇතිව නියමිත වෙලාවට පන්තියට ගිහින් තම
රාජකාරිය හරියට ඉටු කර පන්ති මාරු වීමේ සීණුව වැදුනහම පිටවී යනවා. එයාට කියනවා
‘මුදුනා වෙන්න දඟලනවා’ කියල. ඒකයි සමාජයේ ස්වභාවය. දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටු විය
යුතු යුතුකම්, දරුවන්ගෙන් දෙමාපියන්ට, ගුරුවරුන්ගෙන් සිසුන්ට,
සිසුන්ගෙන් ගුරුවරුන්ට ඉටුවිය යුතු යුතුකම් ගැන ආගමික ග්‍රන්ථ
වලින් අපි ඉගෙන ගන්නවා. විභාගවලට ලියලා අපි ඒ විෂයයන් ගැන විශිෂ්ට සාමාර්ථයක්
ලබනවා. නමුත් ඒ එකක්වත් අපේ ජීවිතය උදෙසා යොදා ගන්නේ නෑ. හේතුව, ‘උගෙන ගන්නා
දෙය ක්‍රියාත්මක කළ යුතුය’ කියා නීතියක් නැති නිසා. මගේ දේශනයට වෙන් කළ කාලය
විනාඩි පහයි. තව තප්පර හතලිස්අටක් තියනවා. මං මේ උදෑසන ප්‍රාර්ථනා කරණවා තම තමන්ගේ
යුතුකම් ඉටු කිරීමට විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් මේ දයාබර දරු
දැරියන්ටත් ‘තමන් අදහන ආගම්හි ආරක්ෂාව ලැබේවා!’ කියල. සියලු දෙනාට ම ස්තුතියි!”
පෙරට
නො දෙවෙනි අත් පොළොසන් හඬ නංවමින් සිසුහු
පන්ති වෙත ගියහ.
“ඔයාගෙ කථාවට කාර්යාලයට එන්න කියල ප්‍රින්සිපල් බැන්නෙ නැද්ද?” මිලිනා අසයි.
“නෑ එයා තේරුම් ගත්තා තමන්ගෙ අඩු පාඩු - දුර්වල කම්. විශේෂයෙන් ම එයාව ඒ
තත්වයට පත් කරලා තියෙන්නෙ ගුරු මණඩලයේම සමහරුන්. රාජකාරියේදී විවිධ පහසුකම් ලබා
ගන්ට නොයෙක් පුද පූජා කරල තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන හයිය ලබා ගෙන සිටි උදවිය
නිසා නීති රීති ක්‍රියාත්මක කිරීමේ ගැට වලට මුහුණ දී තියෙනවා. මං මගේ රාජකාරිය අකුරට
තිතට මාත්‍රාවට කළා. ඒක නිසා අනිත් අයට අයිස් ගහන්නට බැරි උණා. මගේ පන්තිය අහළ පහළ
පන්තියක ළමයි කෑකොස්සන් ගැසුවොත් උන් ඔක්කෝම එළියට දාලා මොනව හරි වැඩක යොදවනවා.
හැබැයි ඒ විෂය භාර ගුරුවරයා පාසැලේ සිටියදී පන්තියට නෑවිත් සිටියොත් පමණයි. ගුරුවරයා
නිවාඩු නම් සුදුසු වැඩක් පවරනවා පන්තියේ කරන්ට. නැත්නම් සමාන්තර ශ්‍රේණියක නම්
එවුනුයි මගේ පන්තියේ ළමයිනුයි දක්කනවා ගහක් ළඟට දෙගොල්ලන්ට ම ගැළපෙන විදියට අලුත්
යමක් කියා දෙනවා.
මගේ
විවේක කාල ඡේද වලට අනියම් පන්තිවල වැඩ පැවරුම් ලේඛනයක් ගෙනාවා. ඒවායේ තිබුණේ විද්‍යාව
- ගණිතය - නැටුම් වැනි විෂයයන්. මං අතෑරියේ නෑ. ඒ පන්තිවලට ගිහින් ගණිත ක්‍රමයේ
ආරම්භයට මුල් වූ විද්‍යඥයන් ගැන දේශනා
කළා. විද්‍යාව ඇතුළු අනෙක් විෂයන් ගැනත් එහෙමයි. ගුරුවරයා විෂය ඉගැන්නුවාට එහි
ඉතිහාසය සමාජ ගත වීම් ගැන කියා දී නෑ. මේ නිසා පාසැලේ ඕනෑම පන්තියකට මා ගියොත්
පිළිගන්නේ මහත් හරසරින්.