260. Grade One ප්‍රිංසිපල් | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


මං දැනුවත්ව විශේෂ උපදේශයක් ළමයින්ට දුන්නේ නෑ. එහෙත් ළමයින්ගේ ඕනෑ එපා කම් සොයා බලන මැනවින් අධ්‍යාපනය ලබාදෙන ලෙන්ගතු කමින්  රාජකාරිය කරණ උදවියට ගරු කළ යුතු බවක් ඔවුන්ගේ උපදේශ හා නියෝග පිළිපැදිය යුතු බවත් අවස්ථාවට සුදුසු පරිදි කියා දුන්නා. කොහොමෙන් කොහොම හරි ඒකෙන් මේකෙන් සිදු වුණේ 114 ක් පමණ වූ ගුරු මණ්ඩළයේ විස්සක් විසිපහක් තරම් පිරිසක් කොන් වීමයි. Staff meeting එකේදි මේ ගැන ආවේගශීලීව පෙරේරා කියල ගුරුවරයෙක් කතා කළා. ඔහු අවසන් වශයෙන් කථාව හමාර කළේ මේ තත්ත්වයට වග කියන්න ඕනැ විපුලසේන මහත්තයා කියල.

මාත් බලාගෙන හිටිය විදුහල්පති වරයා ඊට පිළිතුරු දෙයි - නැත්තම් වෙනත් ගුරුභවතෙක් අදහස් දක්වයි කියා. කොහෙද උන් ඔක්කෝම මුං කාපු රිලවුන් වගේ ඔහේ බලාගෙන හිටිය. කවුරු හරි පිළිතුරක් දෙන්ට එපායැ. මාත් ඉතින් නැගිට්ටා.

අවස්ථානෝචිත කාලෝචිත කතාවක් කළා. අපේ පෙරේරා මහත්මයා, ළමයින් අමතා කතා කරණකොට මං කීවා සීයක් දෙනෙක් හෙළුවෙන් ඉන්න තැනකට එකෙක් අමුඩයක් ගහගෙන ගියොත් ඌ පිස්සෙක් නැත්නම් මෝඩයෙක් වශයෙන් සැලකෙනව කියල. ඒකම තමයි අදත් කියන්ට තියන්නේ වර පන්නලා ඇඳුම් ආයිත්තම් වලින් සැරසී ඉන්න සියයක් දෙනා අතරට එකෙකු හෙළුවැල්ලෙන් ගියොත් ඇති වෙන තත්වය මොකක් ද? පෙරේරා මහත්මයාගේ අදහස අනුමත කරණ අය කරුණාකරල අත උස්සන්න.

කිසිවෙකු අත ඉස්සුවේ නෑ. සියල්ලන්ම මේසවල ඇඟිලි වලින් ඉරි ඇන්දා.

නැවතත් කතා කළා. විදුහල්පති තුමනි, ඔබ තුමාගේ අදහස මේ සිද්ධියේ දී වටිනවා. නැත්නම් මට සිද්ද වෙනවා ළමයින් තුළ මේ සිද්ධිය ව්‍යාප්ත කරල පන්ති මට්ටමින් දෙගුරුන් ගෙන්වා ගෙන මගේ නිරවද්‍යතාව ඔප්පු කරන්නට.”

පාසලට දෙගුරුන් ගෙන්වීමේ අයිතියක් ගුරුවරුන්ට නෑ. ඒක විදිහල්පතිට භාර කටයුත්තක්විදුහල්පති කියයි.

කරුණාකරල විදුහල්පති තුමා මට කියන්න ඔය අයිතිය ඇති එක්කෙනායි නැති එක්කෙනායි ගැන සඳහන් චක්‍රලේඛය මොකක්ද කියල.  එහෙම නැත්තම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාත් සඳහන් වෙනව ද? ආයතන සංග්‍රහයේ නැතිනම් මුදල් රෙගුලාසි වල කියා තිබෙනවාද?

නෑ ඉතින් ඒක කාලයක සිට පැවතගෙන එන සිරිතක්.

හත් වළාමෙ, පැමිණීමේ ලේඛණය නිසි පරිදි කියාත්මක නො කිරීම, අනන්ත අප්‍රමාණව කෙටි නිවාඩු ලබා දීම, පන්තිවල කටයුතු පැහැර හැරීම වැනි දෙවලුත් සිරිත් ද?”

“කිසි සද්දයක් බද්දයක් නැතිව තමන්ගේ කටයුතු පැහැර හැරීම වැනි දේවලුත් සිරිත්ද?”

කිසි සද්දයක් බද්දයක් නැතිව තමන්ගේ කටයුතු පමණක්  බලා කියා ගත් බණ්ඩාර මහතා ඉඳගෙනම තම අදහස පළ කළේ ය.

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll