261. ප්‍රිංසිපල් Grade One | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


අද රටේ අස්සක් මුල්ලක් නැතිව පැතිරිලා තියෙන දේශපාලනයත් මෙතැන තියනවා. විපුලසේන මහත්තයා ඒවා ගැනත් ටිකක් හිතුවොත් හොදයි

කකුල් දෙක අල්ලලා වැන්දත් පව් නෑ බණ්ඩාර මහත්තයට. ඇත්ත කතාව ඒකයි. දේශපාලන බලය පෙන්වීම. මං අහන්නේ මොන ඇමතියද මොන මන්ත්‍රියද හරියට  රාජකාරිය කරන්ට එපා කියන්නේ. තමන්ගේ ආසන වල ප්‍රදේශයේ ඇති පාසල්වල අධ්‍යාපනය   ක්‍රමවත් වුණොත්, ප්‍රසිද්ධ විභාග වලදී වැඩි ප්‍රතිශතයකින් ළමයින් සමත් වුණොත්, කීඩා ඇතුළු තරගවලදී තම කොට්ඨාශයේ පාසැල් කප් ගැසුවොත් ඒකෙ නම්බුව කාට ද, ප්‍රදේශයේ මන්ත්‍රීන්ට; අපිට නොවෙයි. ඡන්ද ලැබෙන්නෙ එයාලට. දේශපාලන හේතු මත පාසැල්වලට ඇවිත් දේශපාලන බලය පෙන්වීමෙන් කරන්නේ තමන්ගේ මනත්‍රීගේ ඡන්ද නැති කිරීම. ප්‍රදේශයේ මන්ත්‍රීට මේ මං කියු දේවල් එහෙම්ම කියන්නට. මන්ත්‍රී බුද්ධිමතෙකු නම් තම දේශපාලන බඩ ගැත්තරයන් ටික මේ පාසලින් එලවා දමාවි. බුද්ධිමතෙකු නම් මට සහයෝගය දේවි. සමහර විට ඇම්බැට්ටයන් ගිහින් මන්ත්‍රීවරයාට කියන්නට පුළුවන් විපුලසේන පාසැලේ ළමයි අල්ලාගෙන අනාගතය වෙනුවෙන් දේශපාලනය කරණවා කියල. ඕනෑ නම් මාව මාරු කරයි. මොකෝ එයා මගේ පස්ස ලෙව කන්ටැයි කියමින් ම රැස්වීමෙන් පිට වී ගියා.”

අනිත් අය මේකෙ ඇත්ත යුත්ත පහදලා දෙන්ට ගියේ නැද්ද?” ඒ මම.

මොන! උන් ඔක්කෝම කොඳු නාරටියක් නැති ගැරඬි. හැබැයි එකා දෙන්නා හමුවුනාම වීරයන්. ප්‍රසිද්ධියේ  යමක් කියන්ට බයයි. අනිත් කාරණය මං අනුන්ගේ පහනෙන් එළිය බලන්ට යන එකෙක් නො වෙයි නේ. පුළුවන් නම් මං මට ම ආලෝකයක් හදා ගන්නවා. නැති නම් කළුවරේ ම ඉන්නවා. ඒක සැපයි.”

ඉතිං ඊට පස්සෙ මොකද වුණේ?” මිලිනාගේ විමැසීමයි.

එදත් රාත්‍රියේ අයියා ආවා. වැඩි පිරිසක් මට පක්ෂව කතා කරල තියෙනවා. නමුත් දේශපාලන අනාගතයක් සඳහා පාසැලේ කටයුතු කිරීම ගැන මං  ම කියපු දේ  කාගෙත් හිත් වලට වැදිලා

බලාගෙන යන කොට ස්කොලවලත් හරි ප්‍රශ්න නේද?” නැවතත් මිලිනාගේ හඬ.

ඉස්කෝලෙ විතරක් නොවෙයි කොයි ආයතනයෙත් තත්වය ඕකයි. හේතුව, බලය සඳහා පාදඩ දේශපාලකයන් තමන්ගේ හෙන්චයියන් ආයතන වල රඳවා ගෙන සිටීම. ඇතැමුන්ට ඔවුන්ගේ තනතුරුවලට තිබිය යුතු මූලික සුදුසුකම්වත් නෑ. බලයෙන් පිරිහුණු පැරදුන දේශපාලකයන් බලයේ සිටින උන්ට ඇඟිල්ල දික්කරණවා මුන් නීති විරෝධීව පත්වීම් දෙනවා කියල. ඒත් ඒ කියන උන් දෙසට ඇඟිලි හතරක් දික් වෙලා තියෙන වග උන් තකන්නෙ නෑ. මේ සිද්ධිදාමය අද ඊයෙක සිට සිදු වන්නක් නොවෙයි. අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවෙනුයි නිලධාරී වාදයෙනුයි රට බේරා ගත යුතුයි කියල 1956 කෑ ගැසූ පාදඩයන්ගෙන් බෝ වුණ රෝගයක්. එදා සිට අද දක්වා ම සිය සිය ගුණයෙන් පාලනය භාරගත් හැම වාහෙලාම ඔය දේ කරල තියෙනවා. අමනකම් හා ධීනකම් නිසා ඡන්දදායකයන් කියන ගොන්වහන්සේලාත් ඡන්දය දීලා එක එකාගේ අලුත් පරම්පරා ඇති කර ගන්ට පාර්ලිමේන්තුවට යනවා.”

 



"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll