262. ප්‍රිංසිපල් Grade One | සත්‍ය කතාවක්

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


හැම ලේඛකයා ම ලියනවා ඔය ගැන. සමාජ ශෝධකයන් කියල ඉන්න අය නොයෙක් සම්මන්ත්‍රණ තියල කියන්නෙත් ඔය ටිකමයි. ඉතින් වෙනසක් වෙන්නෙ නෑ නෙ. හැබෑට ම ඔය තත්ත්වය වෙනස් කරන්නට ක්‍රමයක් ඇත්තෙම නැද්ද?ඒ මගෙන් ප්‍රශ්නයක්.

මොකෝ නැත්තෙ. පොල් ගෙඩියක් හොරෙන් අහුලා ගන්න එහෙම නැත්නම් කෙසෙල් කැනක් හොරෙන් කපා ගන්න එකාව උසාවියෙන් යවන්නෙ අවුරුදු දෙක තුනකට මහ උළු ගෙදරට. ඊයෙ  පෙරේද පින් පෙට්ටියක් කඩල රුපියල් විස්සක් ගත්ත එකෙක්. අවුරුදු දහයකට ගියේ. මහා පරිමාණයේ දූෂණ වංචා කරල රාජ්‍ය දේපල හොරා කාල කෝටිපතියන්  වුණ දේශපාලකයන්ට ඉහෙන් බහින රෝගයක් නෑ. යස රගේට උන්ගෙ හැත්ත බුරුත්ත පිටින් ජීවත් වෙනවා

ඒවා ඔප්පු කරන්ට බෑ නේ?”

ඔප්පු නෙවෙයි, තිරප්පුත් කරන්ට පුළුවන්. දේශපාලනය පටන් ගන්ට ඉස්සර වෙලා අම්ම අප්ප සහෝදර සහෝදරියන්ගේ වත්කම් කීය ද? ඔවුන් ජීවත් වුණේ කොහොමද? මන්ත්‍රී - ඇමති  වීමෙන් පස්සෙ පවුලෙ පඳුරෙ ශීඝ්‍ර සංවර්ධනය වෙලා තියන්නෙ කොයි ආකාරයෙන්ද කියල ප්‍රදේශයේ අහල-පහල උදවිය ගෙන් කරුණු විමසුවොත් උන් කියාවි. පොදු දේපොළ අපහැරණයට මරණ දඩුවම නීති ගත කරණවා නම් ඔය ප්‍රශ්නය විසඳන එක කජ්ජක් නොවෙයි. හිතා මතා සැළසුම් සහගතව සිඳු කරණ අපරාධයකට මරණ දඩුවම ම දිය යුතුයි. දේශපාලනඥයන් හත් අට දෙනෙක් කොළ නැති ගහට නැංගුවා නම් මේ රටේ අපරාධවලින් සියයට අනූවක් ම අඩු වෙනවා. කරන්නට බැරි නීති හදන අයත් එක මල්ලෙ ලුණු කෑමනේ. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණය කියන ආයතන තුනම ක්‍රියාත්මක කරන්නෙ ස්කෝලයක 7-8 ශ්‍රේණියකවත් නූගත් අමනයන්නේ. හිටපු අගවිනිසුරු වරියට නඩු අහපු හැටි අපට හොඳට මතකයි. ඕවා ගැන දිගින් දිගට කථා කරන්නට ගියොත් සිදු වෙන්නේ ඇඟේ ලේ ටික පිච්චෙන එක විතරයි. අනිත් එක අපි කවුරුත් රටින් රජ්‍යයකට ඇවිල්ලා හොඳ ගමනක්නෙ යන්නෙ. මොකටද හිත තුළ වෛරය පුරවා ගන්නෙ.යි කියමින් ආසනය යට තිබුණ මල්ලෙන් ඇදුණ බෝතලයකින් පිරැවුණ වීදුරුවක් උගුරු දෙක තුනකින් හිස් කර දැම්මේය. පඨම භාගෝ මහා ථෙරස්ස පාපුණි; අවසේසා භාගා අම්හාකං පාපුණන්ති” සංවිධායක වරයා විසින් අප දෙදෙනාට කෙරෙණ විශේෂ සැලකිල්ලක් වශයෙන් ලබා දෙන අමතර කඩල පාර්සලයක් කට ගැස්මට ප්‍රමාණවත් විය.

මෙම චාරිකාවේ දී මතකය අලුත් කරගත හැකි වෙන එක ම තැන ජපන් පන්සලට යාමට ඇති යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරණ තොටිල්ලයි. හැබැයි ඒකෙ මැදක් යන කොට නම් ආපු මෝඩකම කියල හිතුණා. තොටිල්ල එල්ලා ඇති කම්බියේ පුරුක් ගැල වී තිබීමත් සමහර කොටස් දිරාපත්ව තිබීමත් බිම බලද්දී භවාග්‍රය පෙනීමත් ඊට හේතුවයි. අනුරාධපුර ප්‍රදේශයට එන ඇතැම් වන්දනා කරුවන් කලාවැව - තිසා වැව - වගේ වැව්වල බෝට්ටු වලින් ගොස් කරගන්නා වින්නැහි වලදී අපි ම ඔවුන්ට දොස් කියමු. අනුන්ගේ රටකට ගොස් මේ මරගාතේ එල්ලුනේ අහවල් කරුමයකටදැයි කම්බියේ ගමන අවසාන වන තෙක් හිතට වද දුන්නා. දන්නා හඳුනන සෑම දෙවියෙකුගේම නම් සිහිපත් කර ගනිමින් මැරී නොමැරී ඒ අට්ටාලයෙන් බිමට බැස්සේ රටක් රාජ්‍යයක් පහළ වූ අයෙකු වගේ.




"Reading maketh a Full man ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි!

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll