“ඔයා බයෙන් නේ ද ආවෙ, මං නං චුට්ටක් වත් බය වුණේ නෑ” ඒ ආපසු හැරී බලද්දී කැකිරි පැලෙන හිනාවකින් මුව සරසා ගත් මිලිනාගේ කිංකිණි නාදයයි.
“ආ ඔයාත් ආවද?”
“ඔව් මං ඊළඟ එකේ හිටියෙ. මට හිතුණ අපරාදෙ දෙන්නම එක ම තොටිල්ලේ ආවනම්
කොච්චර හොඳද කියල”
“එහෙනම් අර මළදානෙ කැඩිල භවාග්‍රයට වැටිල කුඩු කුට්ටම් වෙන්න.”
“ඉතින් මොකෝ කෑලි බෑලි වලින්වත් අපට
එක්වෙන්න තිබුණා.”
“අනේ ද කියන්නෙ එකට එක් වෙන්ටම
බඩුව”
“ඔයා හරි නරකයි අනේ. චුට්ටක්වත් මං ගැන හිතන්නෑ.”
“ඔයා ගැන හිතන එක්කෙනා කෝ?”
“පෝලිමේ අග තව පැයක්වත් යයි එන්ට”
“එහෙනම් ඔයා ඉදල එයත් එක්කම එන්ට. මං යනවා ” කියා
ජපන් පන්සල දෙසට පිය එසැවීමි.
“මේ ඔහොම ඉන්නවා. එයා එනවා නම් ආවාවේ; මක බෑ වෙනව නම් බෑ විච්චිදෙන්”
කියමින් ඕ මගේ බඳවටා සුරත යවමින් සිරුරට කිටි කිටියේ හිර කර
ගත්තාය.
ජපන්
භික්ෂුවක් බෙරයක් හඩවමින් හූණු බිජු නමින් අප හදුන්වන සීනි බෝල බෙදයි. “ජීවිතයත්
මරණයත් අතර සටනක නියැලී මෙතන්ට ආවේ මේ බිජ්ජ කන්ට දැ?”යි මිලිනාගේ කණට කර ඇසීමි. ඇය දෑතින් මුව වසාගත්තත් නවතා ගත නොහැකි සිනහව
නිසා ශාලාවෙන් එළියට පැන්නා. ඊළඟට දුර්ග මාර්ගයක් ඔස්සේ අප ගියේ බුදුන්ගේ සිරස මතට දෙවුදත් විසින් පෙරෙළන ලදැයි
කියන ගල (ගිජ්ජකූටය) බැලීමටයි. ගල් කීපයක් තැන්හි තැන්හි තිබුණත් පෙරලුවේ කිනම්
ගලදැයි සක සුද්දෙන් දැන ගැනීමට මගක් නො තිබිණි. බැරි වෙලාවත් ලංකාවේ හික්ෂුවක් එම
ස්ථානයේ ආධිපත්‍ය දැරුවේ නම් පෙරලූ පළමු ගල දෙවනි ගල තුන්වැනි ගල කියා නො නැවතී
අහල පහළ ගල් ද පෙරලන්නට සූදානම් කර තිබුණ ඒවායැයි නම් කරණු ඇත. සිවුරු කෑලි ඔතනු
ඇත. පඬුරු බදිනු ඇත. ඉන් නො නැවතී පිං පෙට්ටියක්ද පසෙකින් තබනු ඇත. අහෝ ඉන්දීය පංඩරංග
පරිබ්‍රාජකයන්ට එවැන්නක් කර ගන්ටවත් හයියක් නැති කම නිසා සෝ සුසුම් පිට වූයේ
කම්පාවෙන් ප්‍රකම්පිත වෙමිනි.
දුර්ග
මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමෙන් හෙම්බත් වූ මිලිනා
සිරුරේ සියලු බර පවරමින් මගේ ඇඟට තද වී ඇත. ඇගේ මුවෙන් පිට වෙන කෙඳිරිය රාග නිශ්‍රිතය.
කන්ද බැස අවසාන මුත් මිලිනාගේ ස්වරූපය
වෙනස් නො විණි.
“හා මේ ඉන්නෙ ජෝඩුව” මං හැම තැනම බැලුවා.
දෙන්නත් එක්කලා රෝන්දෙ ගිහින්”